27 July 2024
#දේශීය

එජාපය එක්ක තියෙන ගනුදෙනුව ගැන දුමින්ද හෙළි කරයි

එක්සත් ජාතික පක්ෂයත් එක්ක පුද්ගලික ගමනක් යන්න තමාගේ කිසිම බලාපොරොත්තුවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ නොච්චියාගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබා දෙමින්.

එදා තමා ජනාධිපතිවරයා සමඟ තමා එක්සත් ජාතික පක්ෂ වේදිකාවට නැග්ගේ එතුමා පොදු අපේක්ෂකයා විදිහට ජයග්‍රහණය කරවන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් බව දිසානායක මහතා පැවසිය.

එක්සත් ජාතික පක්ෂය එක්ක තියෙන ඒ හිතවත්කම , ගණුදෙනුව පුද්ගලික නොවන බවත් එය රටක් විදිහට , රට දිනන්න, රට ශක්තිමත් කරන්න යන ගමනකදී ඒ හිතවත්කම තියෙනවා ඒ ඇරෙන්න වෙන දේශපාලනමය පිල්මාරුවක්ව හෝ වෙන යම් දෙයක් පිළිබඳ දුමින්ද දිසානායක හිතලත් නැති බව හෙතෙම පැවසිය. එවැනි දෙයක් හිතන්න අවශ්‍යතාවයක් වෙන්නෙත් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *