27 July 2024
#ක්‍රීඩා

නවක වදය අතුගා දැමීමක්

විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන තුළින් නවක වදය අතුගා දැමීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා අද(06) දින නවතම ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) Emergency Safety Mobile App නමින් දියත් කර තිබේ.

ඒ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ශ්‍රවණාගාරයේ දී උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ ප්‍රධානත්වයෙන්.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන ආයතනය (ICTA) ඒකාබද්ධව මෙම යෙදවුම හඳුන්වා දෙනු ලැබිණි.

ඒ අනුව විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අමතරව සරසවි පද්ධතියේ අධ්‍යයන අනධ්‍යයන නිලධාරීන්ට ද මෙම යෙදවුම භාගත (Download) කරගත හැකි අතර ඒ මඟින් තමන් හෝ තමන් අසළ කිසිවකු නවකවදයට ලක්වන්නේ නම් හෝ වෙනත් අකටයුතුකමකට ලක්වන්නේ නම් මෙම යෙදවුම සක්‍රිය කොටගෙන ක්ෂණිකව බොත්තමක් එබීම තුළින් අදාළ වගකිවයුතු පාර්ශ්වයන් දැනුම්වත් කිරීමේ හැකියාව ලැබේ. ඒ අනුව නිසි ක්‍රියාමාර්ග ගැනීමට පරිපාලනයට සහ අදාළ අංශවලට හැකියාව ලැබේ. ඔවුන්ට මෙම යෙදවුම හරහා සියලු විස්තර ලැබුණු ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *