• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පහර ගැසීමෙන් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වීමක් බව අගමැති කියයි

25 February 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරන ඓතිහාසික නීතියක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ආණමඩුව දිසා රෝහල මූලික රෝහලක් බවට පත්කිරීමේ සමරුඵලකය නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ විවේචනය කරමින් ස්වාධීන කොමිෂන් සභාවලට හා ව්‍යවස්ථාදායක සභාවට පහරගැසීමෙන් සිදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වීම බැවින් ඊට ඉඩනොතබා පක්‍ෂ භේදයෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීමට එක්ව ක්‍රියා කළ යුතුව බවයි.

1947 සිට මෙරට අධිකරණ හා රාජ්‍ය සේවා කොමිෂන් සභා පැවැති බවත්, එම කොමිෂන් සභා මගින් පත්වීම් ලිපි ලබාදීමේ දී හා ඇතැම් නම් ප්‍රතික්ෂේප කිරීමේදී ඒ සඳහා බලපෑ හේතු නොදී තීන්දු ලබාදුන් බව සිහිපත් කළ වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථාදායක සභාව හා ස්වාධීන කොමිෂන් සභා ඒ සම්ප්‍රදායට අනුව ක්‍රියාවට නංවන බව පැවසීය.

අපි ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා නම්, මෙය ආරක්‍ෂා කරනවා නම් අපි සේරම ඉදිරියට පැමිණිය යුතුයි. දැන් පැහැදිලියි ප්‍රජාතන්ත්‍රවාදය උවමනා නැත්තේ කාටද කියලා. කොමිෂන්, ව්‍යවස්ථාදායක සභාව වැඩකරන අවස්ථාවේදී මේ වැඩකටයුතු සමාලෝචනය කරන්න පුළුවන්. විවේචනය කරන්න පුළුවන්. අඩුපාඩු කම් තිබෙනවා නම් අපි අඩුපාඩුකම් සෑදිය යුතුයි. ඒ කරුණු පැහැදිලි කිරීමට තිබෙනවා නම් කරුණු පැහැදිලි කර දෙන්න. ඒ සීමාව ඉක්මවා යනවා නම් සෑමදාම පුද්ගලිකව මේ අයට පහර ගසනවා නම් මෙය අඩපණ කරන්න යනවා නම් එසේ නම් යළිත් අපි පරණ යුගයට යනවා ද නැත්නම් 19 වන සංශෝධනය ආරක්‍ෂා කර අපි ප්‍රජාතන්ත්‍රවාදය රකිනවා ද කියන ප්‍රශ්නය තමයි අද මේ රටේ තිබෙන්නේ.

එහෙනම් ක්‍රියා කලාපෙන් කවුද ප්‍රජාතන්ත්‍රවාදී කවුද නැත්තේ කියලා. මෙය පක්‍ෂ භේදයෙන් තොරව අපි සියලූ දෙනාම ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ආරක්‍ෂා කිරීමටයි. එතැනදී මේ ප්‍රජාතන්ත්‍රවාදී මේ ස්වාධීන් කොමිෂන්වල වැඩකටයුතු කරන සෑම වෙලේම ආණ්ඩුවට ඕනෑ විදිහට තීරණය දී නැහැ. ආණ්ඩුවට විරුද්ධව තීරණය දී තිබෙනවා. සමහර තීන්දු ගැන අපිත් ප්‍රශ්න කරනවා. ඒත් සමස්තයක් වශයෙන් ස්වාධීන තීරණ දෙන නිසා මේ යන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. අද බයක් සැකක් නැතිව ක්‍රියා කරන්න පුළුවන්. පොලිසියට බයවෙන්න වැඩක් නැහැ., අධිකරණය ක්‍රියාත්මක වෙනවා. අන්න එය ආරක්‍ෂා කරනවා ද නැද්ද කියන එකයි විශේෂයෙන්ම අපිට අද මුහුණ දිය යුතු කාරණය.

මම තව එක කාරණයක් පැහැදිලි කිරීමට කැමැතියි. මෙය ආරම්භ කිරීමට, සකස් කිරීමට විවිධ පක්‍ෂ, විවිධ සිවිල් සමාජ කණ්ඩායම්වල සභාපතිත්වය ගන්න කියා වර්තමාන කතානායකතුමාට එදාම මම කිව්වා. මේ කෙටුම්පත හැඳුවේ චොක්සි හිටපු ඇමැතිතුමායි. එය ඉදිරිපත් කරද්දී අපට එක කාරණයක් තිබුණා ව්‍යවස්ථාදායක සභාව කොහොමද ක්‍රියා කරන්නේ කියා.
1947 සිට මේ රටේ තිබුණා අධිකරණ කොමිෂන් සභාවක් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවක්. ඒ කොමිෂන් සභාවලින් පත්වීම් දෙනකොට සහ පත්වීම් ප්‍රතික්ෂේප කරන කොට කිසිම තීරණයක් හේතුවක් දෙන්න ගියේ නැහැ. ඒ අය තීරණය ලබාදුන්නා. අපි බැලූවා මෙය වෙනස් කිරීමට ගියොත් එසේනම් අධිකරණ සේවා කොමිෂන් සෑම එකකටම හේතු දෙන්න වෙයි. හේතු දුන්නාම මේ පරණ ක්‍රමය වාද කිරීමට සිදුවෙයි. ජනාධිපතිතුමාවත්, අග්‍රාණ්ඩුකාරතුමාවත් පත්වීම් තිබෙන කොට හේතු දෙන්න ගියේ නැහැ. ඒනිසා පත්වීම් එවන කොට අපිට ඇමැතිවරෙයක් හරි ජනාධිපතිතුමාගෙන් ඒ අයගෙන් හේතු ගන්නවත් අපි බලාපොරොත්තු වුණේ නැහැ. එදා තිබුණු සම්ප්‍රදාය අනුව. ඒවගේම මේ සම්ප්‍රදාය අනුව ව්‍යවස්ථාදායක සභාව, කොමිෂන් සභාවාගේ හේතු දෙන්නේ නැහැ.

ඉතින් රජයේ සේවා කොමිසම, පොලිස් කොමිසම, අධිකරණ කොමිසම, විගණකාධිපති කොමිසම, ව්‍යවස්ථාදායක සභාව අන්න ඒ සම්ප්‍රදාය අනුවයි තමයි ක්‍රියා කරන්නේ. අන්න ඒකයි මම බැළුවේ පැහැදිලි කරන්න. මේ වගේ ප්‍රශ්න ඇති වුණාම පැහැදිලි කිරීමට අපට පුළුවන්. ඒත් නම් සඳහන් කරමින් පහර ගසන එකට අපට ඉඩ දෙන්න බැහැ. එහෙනම් එයට විරුද්ධව මම කියන්නේ දේශපාලනයෙන් තොරව අත්වැල් බැදගෙන ක්‍රියා කරන්න කියා මම පවසනවා.” යැයි ද වික්‍රමසිංහ මහතා පැවසීය.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ‍ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි, වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගිවී සිටියහ.

 

 

 

Post Views: 3
Previous Post

අපි වගේ හොරුන්ට දරුවන් ලවා වන්දවන්න එපා – මන්ත්‍රී ඉෂාක් කියයි

Next Post

දේශපාලන කුමන්ත්‍රණ සහ රඟපෑම් ගැන ඇමැති රාජිතගෙන් හෙළිදරව්වක්

editor

editor

Next Post

දේශපාලන කුමන්ත්‍රණ සහ රඟපෑම් ගැන ඇමැති රාජිතගෙන් හෙළිදරව්වක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved