බටලන්ද කොමිෂන් වාර්තාව මේ සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.
ඒ කැබිනට් මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින්.
කැබිනට් රැස්වීමේ දි ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය මෙ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ බව අමාත්‍යවරයා පවසා සිටි අතර අදාළ කොමිෂන් සබා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.