27 July 2024
#ක්‍රීඩා

මට පුළුවන් කියලා මංගල දන්නවා – ගෝඨාභය

රනිල්ට වැඩ කරන්න පුළුවන් බව දැනගෙන බොරු ප්‍රචාර ගෙනිච්චෙ මංගල අද මටත් වැඩකරන්න පුළුවන් බව දන්නා හින්දා බොරු ප්‍රචාර ගෙන යන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 ඒ මහතා මේ බව පැවසුවේ බදුල්ලේ පැවති වියත්මග සම්මන්ත්‍රණයට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ “ 2014 අවසාන භාගයේ ගෝඨාභය රාජපක්ෂ ඉන්න ඒ දූෂිත, භයානක රාජ්‍ය නිලධාරියා එක්ක වැඩකරන්න කැමති මංගල සමරවීර මහත්තයා අද මම බලයට ආවොත් තියෙන භයකින් විශාල ප්‍රකාශයක් නිකුත් කරනවා. මම ලේකම්වරයා වශයෙන් අවුරුදු දෙක හමාරක වගේ සුළු කාලයක් තුළ කොළඹ නගරයේ කළ පරිවර්තනය තමුන්නාන්සේලා දන්නවා.

අවුරුදු 30 ක් තිබුණ ඒ ත්‍රස්තවාදය අපිට අවුරුදු 3 කින් ඉවර කරන්න පුළුවන් වුණේ අපිට වැඩකරන්න පුළුවන් හින්දා.  චන්ද්‍රිකා මැතිණියගේ කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව විශාල ප්‍රචාරක ගෙනිච්චේ එතුමා. නමුත් මේ ඊයේ පෙරේදා කියලා තියෙනවා රනිල්ට වැඩ කරන්න පුළුවන් බව දැනගෙන බොරු ප්‍රචාර ගෙනිච්චෙ කියලා. එහෙනම් ඉතින් මටත් වැඩකරන්න පුළුවන් බව එයා දන්න හින්දා තමයි ඔය බොරු ප්‍රචාර ගෙනියන්නේ.  “ යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *