27 July 2024
#දේශීය

මෙරට හමුදාවට අවි ආයුධ අඛණ්ඩව සැපයීමට කටයුතු කරනවා – රුසියානු විදේශ ඇමැති කියයි

ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය අවි ආයුධ අඛන්ඩව සැපයීමට කටයුතු කරන බව රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝෆ් පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ දෙදින සංචාරයක් සදහා අද අලූයම මෙරටට පැමිණ විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් අමතමින්. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ සංචාරක කේෂ්ත්‍රය දියුණු කිරීම සම්බන්ධයෙන් ද රැසියානු සහාය ලබා දෙන බවයි.

එසේම මෙම මාධ්‍ය හමුව අමතමින් විදේහ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ ඉදිරියේදී ජිනිවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේදී රුසියාව විසින් ගන්නා තීරණවලට යම් ආකාරය සහාය පල කිරීමක් සිදු කරන බවයි.

එසේම අද දිනයේදී ද්විපාර්ශික සාකච්ඡාවේදී මෙරට ආර්ථීකය නගා සිටිවීමට අදාළ කරුණු රැසක් සාකච්ඡා වු බවත් ඒ තුළින් වඩාත් සුභදායි දේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව හෙතෙම පැවසිය.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *