• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට විනාශ කළ රාජපක්ෂලා එක්ක ඩීල් නැත්තේ අපි විතරයි – විපක්ෂ නායක සජිත්

25 May 2024
in දේශීය, පුවත්
කයිවාරුවෙන් සහ භේදබින්නවලින් තොරව තමන්ට වඩා රට ගැන සිතා අප කටයුතු කරමු – විපක්ෂ නායක සජිත්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

රට විනාශ කළ රට බංකොලොත් කළ විනාශකාරී පවුල් පාලනයේ පිහිටෙන් කවදාවත් යන්න බැරි මහ පුටුවට ගොස් රට කාපු හොරු ටික ආරක්ෂා කරමින් සිටින බවත් මේ රට කාපු රාජපක්ෂලා එක්ක ඩීල් එක්ක නැත්තේ සමගි ජන බලවේගය පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (25) පොළොන්නරුවේ පැවැති සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ජනපවුර වැඩසටහන හා එක්වෙමිනි.

රට විනාශ කලේ කවුද කියා සමගි ජන බලවේගයේ බුද්ධි මන්ඩපය සහ නීතිඥ මඩුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය හරහා මේ වන විටත් අනාවරණය කර ඇති බවත් ඒ නිසා බොරුවට ෆයිල් මිටි උස්සාගෙන විත් හොරු අල්ලන්න බලය ඉල්ලීම අවශ්‍ය නොවන බව විපක්ෂ නායකවරයා පැවසීය.

තමා කිසිදු අවස්ථාවක රාජපක්ෂලා දිනවන්න, රට විනාශ කළ රාජපක්ෂ පවුල වෙනුවෙන් ගෙන් ගෙට යාම, වේදිකාවල නැග කතා පැවැත්වීම සිදු නොකළ බවත් එසේ රාජපක්ෂලා බලයට ගෙනවිත් රට විනාශ කළේ 76 වසරක් ගැන කයිය ගහන කයිය නායකයෝ බවත් ඔවුන් කෘෂිකර්ම ඇමතිවරු, ධීවර ඇමතිවරු, සංස්කෘතික ඇමතිවරු ලෙස කටයුතු කරමින් රාජපක්ෂලාගේ කුලී හේවායන් ලෙස රට බංකොලොත් කිරිමට දායක වූ බව හෙතෙම කියා සිටියේය.

රටේ ඇති මජර දේශපාලන සංස්කෘතියට නැවතීමේ තිත තියා කවුරුන් හෝ සිදු කළ හොඳ ව්‍යාපෘතියක් වේ නම් ඒ ව්‍යාපෘතිය තවදුරටත් දියුණු කිරිමට පහසුකම් සලසන බවත් තමා ඇතුළු පිරිසටද යම් යම් අඩුපාඩු ඇති නිසා ඒ අඩුපාඩු මඟහරවා ගෙන ප්‍රශස්ත ප්‍රබුද්ධ පිරිසුදු රාජ්‍ය පාලනයක් කරා ගමන් කරනා බවත් විපක්ෂ නායක පවසා සිටියේය.

රණසිංහ ප්‍රේමදාස මහතා ඇගලුම් කම්හල් 200 වැඩසටහන ක්‍රියාත්මක කරන කොට සුද්දියන්ට යට ඇදුම් මහනවා කියා බැන්නත් එම කර්මාන්ත මේ වන විටත් අප රටට ඩොලර් උත්පාදනය කරනා බවත් මේ කර්මාන්තශාලාවලින් ඔබ්බට ගොස් ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ ආදිය නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ගමට ගෙන ආ යුතු බවත් ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය කැපවී මෙතෙක් කයිවාරුවට පමණක් සීමා වූ දෑ මහපොළොවේ යථාර්ථයක් බවට පත් කරන බවත් තමා කයිය නායකයකු නොව වැඩ කරන නායකයකු නිසා මෙය සිදු කිරීම අපහසු නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බෙදිල්ලෙන් රට හදන්න බැහැ කියා කයිය නායකයෝ චෝදනා කරන බවත් පරිගණක නොමැති පාසලකට පරිගණකයක් ලබා දීම වරදක් නොවන බවත් තමා මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි බෙදන්නේ නැති බවත් බෙදන්නේ නවීන තාක්ෂණ හා තොරතුරු තාක්ෂණ දැනුම බවත් එම දැනුමින් පාසල් 10126 දූදරුවන් 41 ලක්ෂය සවිබල ගැන්වෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එමෙන්ම ජාත්‍යන්තර පාසල්වල ඇති පහසුකම් රටේම පාසල් 10126ම ඇති කරනා බවත් මේ අධ්‍යාපනය නවීකරණය විශ්වවිද්‍යාල පද්ධතියට ද අදාළ කරනා බවත් අධ්‍යාපන පද්ධතියේ සෑම අංශයකම ඇති මානව සම්පත්, භෞතික සම්පත් ඌනතාවට විසදුම් ලබා දෙන්න කැප වෙන බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයද ගොඩනගමින් රෝහල් පද්ධතිය පවා නවීකරණය කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මෙවර ජනාධිපතිවරණයේදී පොඩි මිනිසාගේ යුගය බිහි වන්නේ සමගි ජන බලවේගය ජය ගැනීමෙන් බවත් ඉතිහාසය පුරා ජනාධිපතිවරු විවිධ රජයන් රටට වැඩක් කළේ බලයට පත්වීමෙන් අනතුරුව වුවත් සමගි ජනබලවේගය සහ තමා රටට වැඩක් කළේ විපක්ෂයේ සිට බවත් ඒ නිසා අන් අයගේ පොරොන්දු පත්‍රිකා විශ්වාස කළ නොහැකි වුවත් තමා ඉදිරිපත් කරන පොරොන්දු පත්‍රිකා සියල්ල මේ වන විටත් යථාර්ථයක් කරමින් ඇති නිසා විශ්වාස කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේග රජයක් තුළ කෘෂිකර්මාන්තය තාක්ෂණය සමඟ ඒකාබද්ධ කරන බවත් ඒ සඳහා වන සියලු වැඩපිළිවෙළ සහ සැලසුම් සකස් කර ඇති බවත් ඒ සඳහා රාජ්‍ය බලය අවශ්‍ය බවත් ඒ රාජ්‍ය බලය තුළින් වී මාෆියාව තුරන් කර කුඩා හා මධ්‍ය පරිමාණ සහල් හිමියන් ශක්තිමත් කර වී ගොවියාගේ නිෂ්පාදනයටත් ඩොලර් ලබා දෙන වැඩපිළිවෙළක් සකස් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වන විට කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට බීජ හිඟය, පොහොර හිඟය, දරාගත හැකි මිලකට යෙදවුම් නොලැබීම් ආදිය සිදුවන නිසා ගොවියාගේ නිෂ්පාදන වැඩපිළිවෙළ කාර්යක්ෂම ලෙස සකස් කිරිමට අවශ්‍ය වැඩපිළිවෙළක් ඇති කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වාරි පුනරුත්ථාපනයට, පාංශු සංවර්ධනයට ප්‍රවේශ වී රටේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කරමින් ගොවියාගේ නිෂ්පාදන දේශීය වෙළෙඳපොළට මෙන්ම අපනයන වෙළෙඳපොළට ගෙන යාමට අවශ්‍ය ශක්තිය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් ගොවියා රැකගෙන ඉදිරියට යනවා සේම නිෂ්පාදන කර්මාන්තවලට මුල්තැන ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමහර කණ්ඩායම් දන්නේ පුළුස්සන්න වුණාට අපි දන්නේ ගොඩනගන්න විතරයි සමහර කණ්ඩායම් අතීතයේ සිට ගොවිජන සේවා මධ්‍යස්ථාන පුළුස්සා විනාශ කිරීමට දක්ෂ වුවත් සමගි ජන බලවේගයට හැකියාව ඇත්තේ ගොවිජන සේවා මධ්‍යස්ථාන නැවත ගොඩනැගීම බවත් එම නිසා සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකටම කුඩා පරිමාණයේ වගා කටයුතු කරන පොඩි ගොවියාට යන්ත්‍ර කට්ටලයක් සාධාරණ මිලකට ලබා දෙන්න කැපවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

Post Views: 19,904
Previous Post

ආසියාවේ විශාලතම පුනර්ජනනීය බලශක්ති මධ්‍යස්ථානය බවට උතුරු පළාත පත් කරනවා – ජනපති

Next Post

මාතලේ හුලංගමුව පුරාණ විහාරස්ථානයේ බෝධිය කඩා වැටෙයි

editor ttvnews

editor ttvnews

Next Post
මාතලේ හුලංගමුව පුරාණ විහාරස්ථානයේ බෝධිය කඩා වැටෙයි

මාතලේ හුලංගමුව පුරාණ විහාරස්ථානයේ බෝධිය කඩා වැටෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
King Khan ලංකාවට ?

King Khan ලංකාවට ?

30 June 2025
කොළඹ උද්ධමනය වැඩි වෙලා

කොළඹ උද්ධමනය වැඩි වෙලා

30 June 2025

Recent News

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
King Khan ලංකාවට ?

King Khan ලංකාවට ?

30 June 2025
කොළඹ උද්ධමනය වැඩි වෙලා

කොළඹ උද්ධමනය වැඩි වෙලා

30 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved