මෙම වසරේ මාර්තු මාසයේ මුල් දින නමයට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 70,449 ක් පැමිණ ඇති බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසා සිටියි.
පසුගිය වසර තුළ මෙම කාල සීමාවේදී සංචාරක පැමිණිම වාර්තා වී තිබෙන්නේ 60,722 ක ප්‍රමාණයකයි.
ඒ අනුව මෙම වසරේ සංචාරක පැමිණීමේ ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව පෙනෙන්නට තිබේ.
කෙසේ වෙතත් ජනවාරි මස තුළ මාර්තු මාසය දක්වා වූ කාලය තුල මෙරටට සංචාරකයන්ගේ පැමිණිම 563,427 ක් ය.
මේ අතර ප්‍රකට සංචාරක සඟරාවක් වන Condé Nast ලෝකයේ (ෆැමිලි ෆ්‍රෙන්ඩ්ලි) රටවල් අතර පළමු ස්ථානය ලංකාවට ලබා දී තිබේ.
මෙහි දී ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාර ගුණයත්, රට තුළ එළිමහන් ක්‍රියාකාරකම් සදහා ඇති අවස්ථාවන් සහ සංචාරක නිකේතන තුළ පවත්වා සුහදශීලී වාතාවරණයත් විශේෂ ඇගැයීමට ලක් කර තිබේ.