26 July 2024
#විදෙස්

වෙඩි නොවදින වාහනය, කාදිනල් හිමිපාණනෝ ප්‍රතික්ෂේප කරති

තමන්ගේ ආරක්ෂාව වටා රටේ ජනතාවගේ ආරක්ෂාව වැදගත් බවත් වෙඩි නොවදින ආරක්ෂිත තමන්ට ගමන් කිරීමට ලබාදුන් රථය වෙඩි නොවදින එකක් බව දැන ගැනීමෙන් පසුව එය ප්‍රතික්ෂේප කළ බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

උන්වහන්සේ මේ බව පැවසුවේ අගරදගුරු නිවසේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් විසින් තමාගේ ආරක්ෂා වෙනුවෙන් මෙම වාහනය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවත් එය තමන්ට අවශ්‍ය නොමැති බව ඔවුන් පැවසු බව උන්වහන්සේ කියා සිටියේය. එසේම වෙඩි නොවදින වාහනයක් තමන්ට අවශ්‍ය නොමැති බවත් තමන්ගේ ආරක්ෂාවට සාමාන්‍ය පරිදි බව ද හිමිපාණන් අවධාරණය කළේය. එසේම තමන්ගේ ආරක්ෂාව ගැන දෙවියන් වහන්සේ බලා සිටිනු ඇති බවත් හිරිහැරයක් සිදුවන්නේනම් එයට ද මුහුණ දීමට තමා සුදානම් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *