රාජ්‍ය සේවා කොමිෂන් සභාව ලබාදී ඇති ස්ථාන මාරුවීම්වලට අනුව ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් 50 දෙනෙකු මෙම සතිය තුළ එකවර සේවයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අනාවරණය කරයි. රෝහල් අධ්‍යක්ෂවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකරන ද්වේශ සහගත ප්‍රකාශ මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇති බව එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ප්‍රකාශ කළේය. මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (03) පෙරවරුවේ සිට දිවයින පුරා රෝහල්වල විශේෂඥ වෛද්‍ය ඒකක 164ක ආවරණ රාජකාරී කටයුතුවලින් වෛද්‍යවරුන් ඉවත්වී ඇති අතර, මේ හේතුවෙන් ශල්‍යාගාර, දැඩි සත්කාර සහ ප්‍රසව හා නාරි ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් රැසක් අඩාල වීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.














