ශ්‍රී ලංකාව සමඟ පවත්නා ඵෙතිහාසික මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හෙට (9) දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි. හෙට පෙරවරු 9 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ඉන්දීය අගමැතිවරයා වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නිල පිළිගැනීමේ උත්සවයක් පැවැත්වෙන අතර එදිනම පස්වරුවේ ඒ මහතා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඉන්දියාවේ අගමැතිවරයා වශයෙන් දෙවැනි වරටත් පසුගිය දා (30) දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන අතර අගමැතිධුරයට පත්විමෙන් අනතුරුව මේ මස 8 දා සිය පළමු විදෙස් නිල සංචාරය සඳහා මාලදිවයින බලා යාමෙන් අනතුරුව මෙලෙස ශ්‍රි ලංකාවට පැමිණිමට නියමිත ඇත. ්