27 April 2024
#ක්‍රීඩා

වැස්ස නිසා ශ්‍රී ලංකාව සහ පාකිස්ථානයට සම ලකුණු (Update)

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර බ්‍රිස්ටල්හි ඊයේ (07) පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන ක්‍රිකට් තරඟය එකදු පන්දුවක් හෝ යැවීමකින් තොරව අත්හැර දැමීමට තීරණය කලේය.  තද වර්ෂාව පැය 05 කාලයක් පැවැති හේතුවෙන් විනිසුරුවන් තීරණය කළේ තරඟය ක්‍රියාත්මක කළ නොහැකි බවටය. ඒ අනුව කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමි වන අතර, ශ්‍රී ලංකාව පාකිස්තානය අභිබවා තුන් වන ස්ථානය හිමි කර ගත්තේ වැඩි ශුද්ධ ලකුණු රැස් කිරීමේ වේගයක් වාර්තා කිරීම හේතුවෙන්.

පාකිස්තානයට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන මීළඟ තරඟය සඳහා දින 5ක විරාමයක් පවතින අතර, ශ්‍රී ලංකාව ලබන අඟහරුවාදා බංග්ලාදේශය සමඟ තරඟ වැදිමට නියමිතයි. ්

පෙර පුවත 2019-06-07 13:02:15

ශ්‍රී ලංකා සහ පාකිස්ථානය අද තරඟ බිමට 

ICC ලෝක කුසලාන තරගාවලියේ 11 වන තරඟය ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අද (07) බ්‍රිස්ටල් හිදී පැවැත්වීමට නියමිතයි.නවසීලන්තයට එරෙහි තරඟයෙන් පරාජයට පත්වු ශ්‍රී ලංකාව අවසන් තරඟයේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව ජය වාර්තා කිරීමට සමත් වුණා. 

අද දිනයේදී පාකිස්ථානය පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබේද?

Leave a comment

Your email address will not be published. Required fields are marked *