කළුතර, අගලවත්ත තිරිවානාකැටිය වතුයායේ පිහිටි නිවසක් තුළ තිබී තුවාල සහිත කාන්තා මළ සිරුරක් අද (01) උදෑසන සොයාගත් බව අගලවත්ත පොලිසිය පවසයි. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ එම වතුයායේම පදිංචිව සිටි පී. ලෙච්චමි නැමති 74 හැවිරිදි කාන්තාවකි. කාන්තාවක් තුවාල ලබා සිටින බවට 1990 හදිසි ගිලන් රථ සේවයට ලැබුණු තොරතුරකට අනුව එහි ගිය නිලධාරීන් ඇය මියගොස් ඇති බව තහවුරු කර ගැනීමෙන් පසු පොලිසිය දැනුවත් කර තිබේ.
සිරුර සොයා ගන්නා අවස්ථාවේදී ඒ අසල ගෑස් සිලින්ඩරයක් ද තිබී ඇති අතර, සිරුරේ දක්නට ලැබෙන තුවාල හේතුවෙන් මෙම මරණය සැක සහිත බවට පොලිසිය සැක පළ කරයි. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානීය විමර්ශන (SOCO) නිලධාරීන් කැඳවා විද්‍යාත්මක පරීක්ෂණ ආරම්භ කර ඇත. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් සහ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව මරණය ඝාතනයක් ද නැතහොත් අනතුරක් ද යන්න පිළිබඳව නිශ්චිත නිගමනයකට එළඹීමට නියමිතය.














