අද (31) අලුයම අම්බලන්තොට පොලිස් වසමේ කොග්ගල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.
නිවසක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙලෙස වෙඩි තබා පළාගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.
තුවාලකරු වයස අවුරුදු 30ක් වන කොග්ගල්ල, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය සඳහන් කළේ.
කලක සිට තුවාලකරු වෙනත් පාර්ශවයක් සමඟ ඇතිව තිබූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණයවී තිබෙනවා.
සැකකරුවන් හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.