• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අදානි සමාගම ඩොලර් බිලියන 1ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවතට

14 February 2025
in දේශීය, පුවත්
අදානි සමාගම ඩොලර් බිලියන 1ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවතට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

අදානි ග්‍රීන් එනර්ජි සමාගම ශ්‍රී ලංකාවෙන් තම සුළං බලශක්ති ව්‍යාපෘතිය ඉවත් කර ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්වයක් ඇතිව තිබෙනවා.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ඇති වීම දක්වා මෙම ප්‍රශ්නය ඇදී යා හැකි බවයි මත පළවෙන්නේ.

ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පූනරින්හි මෙගාවොට් 484 ක සුළං බලාගාර සහ ඒ ආශ්‍රිත සම්ප්‍රේෂණ පද්ධතියක් ඉදිකිරීම මෙරට බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දැවැන්ත පියවරක් බවට විවාදයක් නැහැ.

ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය වෙත විදුලිය රැගෙන යාම සඳහා අතිරේක සම්ප්‍රේෂණ ජාල පුළුල් කිරීම මෙන්ම, අනාගතයේදී ඉන්දියානු විදුල බල පද්ධතිය හා සම්බන්ධ කිරීමේ අභිප්‍රායන්ද සහිත අති විශාල ව්‍යාපෘතියක් ලෙස අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ සුළං බලශක්ති ව්‍යාපෘතිය හැඳින්විය හැකියි.මෙය ඇමරිකානු ඩොලර් බිලියන 1 ක දැවැන්ත ආයෝජනයක්.

මෙම ව්‍යාපෘතිය මෙරටට ලැබෙන්නේ රජයේ අවශ්‍යතාවය මත ටෙන්ඩර් කැඳවීමක් මඟින් නොවේ. එය ඉන්දියානු රජයේ ඉල්ලීමක්.
එම තත්වයන් මත විවිධ අවස්ථාවන්වලදීමෙම ව්‍යාපෘතිය ඉන්දියානු රජයේ කලාපීය භූ දේශපාලනික වුවමනා පදනම් කරගෙන මෙරට බලෙන් පැටවූ ව්‍යාපෘතියක් බවටත් විවේචන එල්ල වුණා.

අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ ප්‍රධානී ගෞතම් අදානි සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර සමීප සම්බන්ධතා පවතින බැවින් මේ හේතුවෙන් මෙම ඉවත් වීම ඉන්දීය අගමැතිවරයා පවා කනස්සල්ලට පත් කරන්නක් විය හැකි බවත් විචාරකයින් මත පල කරනවා.
අදාළ ව්‍යාපෘතිය සඳහා අවබෝධතා ගිවිසුමකට එළැඹීමට කැබිනට් අනුමැතිය හිමි වුණේ ගෝඨාභය රාජපක්ෂ සමයේදී.
නමුත් මෙම ගනුදෙනුව පිළිබඳව විනිවිධ භාවයක් නොපැවැතීම ගැටලුවක්ව පවතී අතර පාරිසරික තත්වයන් හේතුවෙන් ඊට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග පවා ගෙන තිබුණා.ඒ අනුවයි වත්මන් රජය මෙය සමාලෝචනයට පියවර ගැණුනේ.

කෙසේ වෙතත් අදානි සමාගම තම ඉවත් වීම ගැන කළ නිවේදනයේ, ව්‍යාපෘති යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වත්මන් කැබිනට් මණ්ඩලය විසින් නැවත සාකච්ඡා කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පිහිටුවීම මත ශ්‍රී ලංකාවේ ස්වෛරී අයිතීන්ට ගරු කරමින් එම ව්‍යාපෘතියෙන් ඉවත් වීමට සිය සමාගම තීරණය කළ බව සඳහන් කරනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් සැමවිට ම තම සමාගම පෙනී සිටින බවත්, ලංකා රජය විසින් නැවතත් සංවර්ධන අවස්ථාවක් සඳහා සිදු කරන ඇරයුම් භාර ගැනීමට සූදානම් බවත් සඳහන් වෙනවා.
මේ අතර අදානි සමාගමේ තීරණයත් සමඟ මේ ගැන ඉන්දියානු රජයේ සහ ශ්‍රී ලංකා රජය අතර විශේෂ සාකච්ඡා මාලාවක් සිදු කිරීමට නියමිත බව ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. ඒ අනුව මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ විය හැකි බවටද මත පළ වෙනවා.

කෙසේ වෙතත් අදානි ග්‍රීන් එනර්ජි සමාගම යනු දකුණු ආසියාවේ විශාලතම පුනර්ජනනීය බලශක්ති සමාගම මෙන්ම ලෝකයේ දෙවන විශාලතම සූර්ය බල පද්ධති සංවර්ධකයා වෙනවා. අදානි සමාගම ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඉදිකරන ලද පුනර්ජනනීය බලශක්ති උද්‍යානය ඉදිරි වසර 05 තුළදී ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති උත්පාදන උද්‍යානය බවට පත් වීමටත් නියමිතයි.

මෙම ගැටලුකාරි තත්වයන් දෙරට අතර රාජතාන්ත්‍රික අර්බුදයක් දක්වා ඔඩු දිවීමට පෙර විසඳාගැනීමටත්, ඉන්දියාව සහ ලංකාව අතර වන හවුල්කාරිත්ව එකඟතා සහ ඉන්දීය භූ දේශපාලනික වුවමනාවන්ට බාධාවක් නොවන කටයුතු කිරීමටත් වත්මන් රජය ක්‍රියා කල යුතු බව TTV නිවුස් අප අවධාරණය කරනවා.

Post Views: 16
Previous Post

පරිසර ගැටලු විසඳන්න නව WhatsApp අංකයක් 

Next Post

දිල්ලියේ භූ කම්පනයක්

Editor TTV News

Editor TTV News

Next Post
දිල්ලියේ භූ කම්පනයක්

දිල්ලියේ භූ කම්පනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025

Recent News

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved