8 September 2024
#දේශීය #පුවත්

අද ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කරයි

අද (03) ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තිය සමිති සම්මේලනය පවසයි.

රටේ සියලුම රෝහල්වල දහවල් 12.00ට විරෝධතාවයක් ආරම්භ කරන බව සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති, සමන්ත කෝරලේ ආරච්චි පැවසුවේ ය.

රෝහල් සේවකයින්ට දින පහේ සතිය ලබා ගැනීම, උසස් වීම් සහ මාරුවීම් විධිමත් ක්‍රමවේදයකට ක්‍රියාත්මක කිරීම, රෝහල් සේවකයින්ට ප්‍රවාහන දීමනාවක් ලබා ගැනීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 06ක් මුල් කරගනිමින් ඔවුන් මෙම විරෝධතාවේ නිරත වීමට නියමිතය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *