කාලගුණ දෙපාර්තමේන්තුවේ නිවේදනය පරිදි නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු / නැගෙනහිර ප්‍රදේශවල පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව සදහන් වනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවල මි. මි 50ට වැඩි තරමක වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සදහන්.
එමෙන්ම උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකිය. නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්න්රුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි. මි 75ට වැඩි තද වැසි සහ උතුරු /වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසා සිටිනවා.
කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සහිත ඇතිවිය හැකි තාවකාලික සුළං සහ අකුණු වලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.














