ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) විසින් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. මෙම පෙබරවාරි මාසය සඳහා වන මිල සංශෝධනයේදී ජනප්‍රිය ඉන්ධන වර්ග දෙකක මිල රුපියල් 2කින් අඩු කිරීමට පියවර ගෙන ඇත.
මෙහිදී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 292කි. එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ද රුපියල් 2කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 277ක් ලෙස සටහන් වේ. සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් මෙම සංශෝධනයේදී නොවෙනස්ව පවතින බව ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.
– ඔක්ටේන් 92 පෙට්‍රල්: රු. 292 (රු. 02කින් අඩු විය)
– ඔක්ටේන් 95 පෙට්‍රල්: රු. 340 (සංශෝධනය නොවේ)
– ලංකා සුදු ඩීසල්: රු. 277 (රු. 02කින් අඩු විය)
– ලංකා සුපිරි ඩීසල්: රු. 323 (සංශෝධනය නොවේ)
– භූමිතෙල්: රු. 182 (සංශෝධනය නොවේ)














