කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි, ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වය වැඩි විය හැකියි.
සෙසු පළාත්වල ද පස්වරු 1.00ට පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි පවතින හැකියාව ඇතැයි ද කාලගුණ විද්‍යාඥයන් සඳහන් කරයි.
එමඟින් බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75කට වඩා තද වැසි ඇති වීමේ හැකියාවක් පවතීයි.
ඊට අමතරව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පවතිනු ඇතියි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු අවම කිරීම සඳහා අවශ්‍ය සුරක්ෂිත පියවර ගැනීමට ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටීයි .












