• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධ්‍යපන ප්‍රතිසංස්කරණවල වැඩි ඉඩක් ක්‍රීඩාවට – අධ්‍යාපන ඇමැති

16 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ දී ක්‍රීඩාවට වැඩි ඉඩක් වෙන් කෙරෙන අතර එහි මූලික ප්‍රතිපත්තිවල විෂය ක්ෂේත්‍ර හය අතරින් පළමු ක්ෂේත්‍රය වන සෞඛ්‍ය හා නිරෝගීකම සමග ක්‍රීඩාව බද්ධ වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ක්‍රීඩාවට සෘජු ව වගකියන සියලු පාර්ශ්ව ඒකරාශී කර ප්‍රථම වරට ජාතික ක්‍රීඩා සැලැස්මක් සැකසීමේ අරමුණෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ සිසුන්ගේ ධාරිතා වර්ධනය (Capacity Building) හා ආකල්ප වෙනසක් ද සිදු කළ යුතු අතර වසර 11ක 13ක සමස්ත අධ්‍යාපනය ම විභාගයකින් පමණක් මැනීම, තක්සේරුකරණය පිළිබඳ ප්‍රධාන ගැටලුවක් බවයි.

පන්තිකාමරය තුළ සිදු වන අඛණ්ඩ ඇගයීම් ක්‍රමයක ලකුණු හා විභාග ලකුණු එකතු කර අවසන් තක්සේරුකරණයක් සිදු කිරීම, දියුණු රටවල පිළිවෙත බව පැවසූ අමාත්‍යවරයා, එසේ නොවුණහොත් හොඳ ම මතක ශක්තිය තිබෙන සිසුන්ට පමණක් වැඩි ලකුණු ලබාගැනීමට හැකි වී නිපුණතාව හා හැකියාව සහිත දරුවන්ට ඒ අවස්ථාව අහිමි වන බවත් පෙන්වා දුන්නේ ය.

මෙරට මිලියන 24.5ක් වූ ජනගහනයට සාපේක්ෂ ව පර්යේෂකයන් (Researchers) 22000ක් සිටිය යුතු වුවත් සිටින්නේ 5000ක් පමණක් වන අතර එයිනුත්, ප්‍රායෝගික භාවිතයට ගත හැකි පර්යේෂණ සිදු කරන්නේ 2000කට අඩු ප්‍රමාණයක් බවත් ඉතිරි සියලු දෙනා සෛද්ධාන්තික පර්යේෂකයන් වන බවත් අමාත්‍යවරයා පැවසී ය.

වෙනත් රටවල දරුවන් පෙරපාසල් වියේ සිට ම කුතුහලයෙන් සොයා ගොස් ලබන දැනුම ප්‍රායෝගික ව යෙදවීමට පුහුණු වන අතර මෙරට අධ්‍යාපන ක්‍රමය යටතේ ඉදිරියට ගොස් වාර්ෂික ව විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා 40,000ක් පමණ උපාධිධාරීන් අතරින් වෛද්‍ය, ඉංජිනේරු, තක්සේරුකරණය වැනි විෂයන් කීපයක් හදාරන සිසුන් හැරුණු කොට ඉතිරි සියලු දෙනා රැකියා විරහිත උපාධිධාරීන් බවට පත් වන අතර ඔවුන්ගේ උද්ඝෝෂණ නැවැත්වීම සඳහා තොගය පිටින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට ආණ්ඩුවලට සිදු වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. රජයට ගත් උපාධිධාරීන් 31,000ක් අධ්‍යාපන ක්ෂේත්‍රයට ගෙන කෙලින් ම පන්ති කාමරයට යොමු කෙරුණ ද මේ අයට ඉගැන්වීමට උගන්වා නැති බවත් ඉගැන්වීමට පුහුණුවක් නැති අය දේශකයන් විය හැකි වුවත් ගුරුවරුන් වන්නේ නැති බවත් පැවසූ අමාත්‍යවරයා මෙරට විද්‍යාපීඨ 17න් බණ්ඩාරවෙල ඌව ජාතික විද්‍යා පීඨය තුළ උසස් පෙළ සමත් අයදුම්කරුවන්ගෙන් ‘ඉෂඩ්ස්කෝ’ අගය අනුව වසරකට බඳවාගන්නා 150ක්, 200ක් ක්‍රීඩා ගුරුවරුන් වශයෙන් පුහුණු කෙරෙන බවත් එම පුහුණුව, තාක්ෂණික හා මනෝවිද්‍යාත්මක සමබරබවක් සහිත විෂය සංකලනයකින් සමන්විත බවත් පැවසී ය. ඉදිරියේ දී අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශවල ඒකාබද්ධ එකඟතාව මත ක්‍රීඩා විෂය සඳහා පාසල් කාලයෙන් පසු 3.30 වන තෙක් පාසල තුළ රැඳී ක්‍රීඩා කිරීමට අවස්ථාව සැලසිය හැකි බව ද අමාත්‍යවරයා පැවසී ය.

සමස්තයක් ලෙස සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමී ව දක්ෂ ක්‍රීඩකයන් බිහි කිරීම සහ ආකල්පමය වෙනසක් ඇති කර නිරෝගී දරු පරපුරක් බිහි කිරීම මෙම ප්‍රතිසංස්කරණවල අරමුණ බව අමාත්‍යවරයා සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා, පළාත් ආණ්ඩුකාරවරුන් හා ලේකම්වරුන් වැඩබලන ක්‍රීඩා ලේකම් යූ. ඩී. සී. ජයලාල් මහතා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක් ව සිටියහ.

Post Views: 4
Previous Post

වෙ‍‍ළෙඳ කාර්යාලයක් මෙරට ස්ථාපිත කරනවා – ජනපති

Next Post

බලය තිබුණත් නැතත් අප ජනතාව වෙනුවෙන් වැඩ කරනවා – විපක්ෂනායක සජිත්

editor

editor

Next Post

බලය තිබුණත් නැතත් අප ජනතාව වෙනුවෙන් වැඩ කරනවා - විපක්ෂනායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved