27 April 2024
#ව්‍යාපාර

වෙ‍‍ළෙඳ කාර්යාලයක් මෙරට ස්ථාපිත කරනවා – ජනපති

ජාත්‍යන්තර වෙළෙඳාම් සම්බන්ධයෙන් කතිකා කරන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපිත කර සංකීර්ණ ආර්ථික, තාක්ෂණික හවුල්කාරිත්වයක් දක්වා නිදහස් වෙළෙඳ ගිවිසුම යතාවත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (15) පස්වරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති “ශ්‍රී ලංකා ඉන්දියානු සමාජයේ” වාර්ෂික සුහද හමුව අමතමිනි. මෙම සුහද හමුව ඉන්දියාවේ 75 වැනි නිදහස් සැමරුම සනිටුහන් කරමින් පැවැත්විණි.

ඉන්දු ශ්‍රී ලංකා ආර්ථික සබඳතාවන්හි පවතින ආයෝජන සඳහා වන බාධක සහ වෙළෙඳ ක්ෂේත්‍රය සඳහා වන තීරු බදු නොවන බාධක ජයග්‍රහණය කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඉන්දියාව ඇතුළු අසල්වැසි රටවල් වෙළෙඳ ඒකාබද්ධතාවකට පැමිණිය යුතු බවද වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සමඟ සමීපව කටයුතු කරන ශ්‍රී ලංකා ඉන්දියානු සමාජයේ ශ්‍රී ලාංකිකයින් සහ ඉන්දියානුවන් 800ක් පමණ සාමාජිකත්වය දරන අතර විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරන පිරිස් ඊට අයත් වෙති.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ” පළමුවෙන්ම මා ගැන පැවසූ සියලු දේ සම්බන්ධයෙන් මම කුමාර් නඩේසන් මහතාට ස්තූතිවන්ත වෙනවා. ඉන්දියාවේ 75 වන නිදහස් සංවත්සරයේදී ඔබ සියලු දෙනා සමඟ මෙහි සිටීමට හැකි වීම පිළිබඳ මම සතුටු වනවා. දිවංගත ජවහර්ලාල් නේරු එදා ඔහුගේ කතාව සිදු කළේ ඉන්දියාව පිළිබඳ පමණක් නොවේ මුළු ආසියාවටමයි කියා මා හිතනවා. 1946 දී ඉන්දියාව නිදහස් රටක් වීමට පෙර පළමු ආසියානු සබඳතා සමුළුව කැඳවුවා. එය ආසියානු රාජ්‍යයන්ට එක් වීමට මඟ පෑදුවා. අනතුරුව ආසියානු සහ අප්‍රිකානු රාජ්‍යයන්ට එකතු වීමට මඟ පැදුණා. ඇත්තෙන්ම ඉන්දියාව ඒ අනුව අනෙක් රාජ්‍යයන්ගේ ප්‍රධානියායි. චීනය පැමිණියේ 1949 දීයි. ජපානය පැමිණියේ 1952 දීයි. මේ රටවල් තමයි ආසියාවේ ප්‍රධාන බලවතුන් තිදෙනා. ඉන්දියාවේ ජයග්‍රහණ ද සිහිපත් කළ යුතුයි. ඉන්දියාව කියන්නේ රාජ්‍යයන් එකතු කිරීමකින් ඇති වු රටක්. ඉන්දියාව අවුරුදු 75ක් පැවතුණා. ඒ අයුරින්ම බොහෝ කාලයක් පැවතෙයි. ඒ ගැන සැකයක් නැහැ. පුද්ගලයන් දෙදෙනෙක් මේ සම්බන්ධයෙන් සිහිපත් කළ යුතු යි. රාජ්‍යන් කිහිපයක් එක් කළ නියෝජ්‍ය අගමැති වලභායි පටෙල් එක් අයෙක්. ඉන්දියාව යන සංකල්පය සහ අනන්‍යතාව ඇති කළ ජවහර්ලාල් නේරු අනෙක් පුද්ගලයායි. එය ඉන්දියාවේ ජයග්‍රහණයක්. ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට පොදු බොහෝ දේ තිබෙනවා. එය අශෝක චක්‍රය තියෙන ඔබගේ ජාතික කොඩියෙන් පෙන්නුම් කරනවා. අශෝක අධිරාජ්‍යයා යටතේ තමයි බුද්ධාගම ශ්‍රී ලංකාවට පැමිණයේ. මෞරි පාලනය ශ්‍රී ලංකාවට පැමිණියේ. එබැවින් රාජ්‍ය ආයතන සහ නගර සැලසුම් මෙම ක්‍රමවේදයෙනුයි පැවතෙන්නෙ. ශ්‍රී ලංකා සමාජය, මූලාරම්භය ගොඩ නැඟුනේ කෙසේ ද යන්න අද ඉන්දියානු ජාතික කොඩියෙන් පිළිඹිඹු කරනවා. සංස්කෘත සහ පාලි භාෂාවෙන් ඇරඹි සිංහල සහ දෙමළ භාෂා දෙක අපිට තිබෙනවා. ඉන්දියාවෙන්, උතුරු ඉන්දියාවෙන් මෙන්ම දකුණු ඉන්දියාවෙන් බෙහෝ චාරිත්‍ර මෙරටට පැමිණ තිබෙනවා. තමිල්නාඩුවෙන් සහ කේරළයෙන් පැමිණි චාරිත්‍ර අතර සමානකම් තිබෙනවා. මෙහි සිටින බොහෝ සිංහල අය රාහු කාලය ගැන තදින් විශ්වාස කරන අයයි. ඒක අපට ලැබුණේ කේරළයෙන්. කවුරුවත් ඒක මෙහෙට දුන්නෙ නැහැ. අපි කේරළයෙන් ලද පත්තිනි දේවිය වන්දනාමාන කරනවා. මෙහි බෞද්ධාගමිකයෝත් නොවන, හින්දුත් නොවන විශාල පිරිසක් ඉන්නවා. දකුණු ඉන්දියාවෙන් දෙමළට පරිවර්තනය කළ “කුරානයෙන්” මුස්ලීම් බවට හැරුණු සිංහලයන් කණ්ඩායමක් සිටිනවා. ඉන්දියාව මහද්වීපයක් වශයෙන් ශ්‍රී ලංකාවට සිදු කළ බලපෑම මෙයින් පෙන්නුම් කරනවා. අපි එකිනෙකා මාස හයකට පසු නිදහස ලබා තිබෙනවා. අපට පොදු සංස්කෘතික උරුමයන් තිබෙනවා. ආගම, සංස්කෘතිය, නර්තනය යනාදිය පොදුයි. එය එක් පැතිකඩක්. උඩ‍රැටියන් අඳින රතු සහ සුදු පැහැය කියන වර්ණ සංකලනයත් කේරළයෙන් ලැබුණේ. මෙයයි පොදු දේ. අපට වෙනස්කම් ද තිබෙනවා. අපි මේ මතයි ගොඩ නැඟෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේ නවීන යුගයේ අපට ගොඩනැඟුණු පොදු දෙයයි. අප සියලුදෙනා එකට එකතු කළ ක්‍රිකට් අපිට ලබා දීම ගැන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අපි ස්තුතිවන්ත වෙනවා. බොලිවුඩ් ලබා දීම ගැන ඉන්දියාවට ස්තූතිවන්ත වෙනවා. මේවා අප එක් කරන නව කරුණු. මේක හුදෙක් ද්විපාර්ශ්විය සබඳතාවක් නෙවේ කියලා මම හැමවිටම කියන්නෙ මේ නිසයි. මෙය ඉන් ඔබ්බට යන්නක්. රවීන්ද්‍රනාත් තාගෝර් විසින් රචිත ඔබේ ජාතික ගීය බලන්න. රවීන්ද්‍රනාත් තාගෝර්ගේ සිසුවෙක් විසින් රචිත අපේ ජාතික ගීය බලන්න. ඔහු ඉන්දියානු මෙන්ම දකුණු ආසියානු තරුවක්. ඔහු අපි සියලුදෙනාටම අයිතියි. රවීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාව ගැන මගේ අම්මා කියනවා මට මතකයි. ඔහු මගේ මී මිත්තණිය හමුවී තිබෙනවා. මගේ අම්මටත් රවීන්ද්‍රනාත් තාගෝර්ට කතා කරන්න අවස්ථාව හිමි වෙලා තිබෙනවා. අපි ඉන්දියාවෙන් පැමිණි බොහෝ දෙනාගෙන් ආභාෂය ලබා තිබෙනවා. අපි දැන් මහාද්වීපයේ එකට බැඳුණු කොටසක් බවට පත් වෙලා. දකුණු ඉන්දියාවේ සිටින සමහර අයට ලංකාවේ සමහර ප්‍රදේශ උතුරු ඉන්දියාවේ ප්‍රදේශවලට වඩා සමීපයි. රජයකට සංස්කෘතිය ප්‍රවර්ධනය කරන්න බැහැ. ඒක ඉබේ සිදු වන්නක්. නමුත් වැදගත් දේ වන්නේ ඉන්දියානු අගමැති දළඳා මාළිගාව වැඳපුදා ගැනීමට පැමිණෙන අතර, ශ්‍රී ලංකා ජනාධිපති තිරුපති යාමයි. මං හිතන්නේ නෑ ඔබට මේ වගේ බැඳීමක් ලෝකෙ වෙනත් කිසිම රටකින් දකින්නට ලැබෙයි කියලා. සංස්කෘතිය, කලාව මිනිසුන්ට දිය යුතුයි කියලා මං හිතනවා. ඔවුන් තීරණය කරයි ඔවුන්ට අවශ්‍ය මොනවද අනවශ්‍ය මොනවද කියලා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කරන්න රුපියල් බිලියන දෙකක ත්‍යාගයක් ලබා දීම ගැන මම අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට ස්තූතිවන්ත වෙනවා. දෙරට අතර සබඳතා පිළිබඳ ජනතාව දැනුවත්වන නව අදහස් හා ව්‍යාපෘති ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපට ව්‍යාප්ත කළ හැකි ක්ෂේත්‍ර මොනවා ද? වෙළෙඳාම සහ වාණිජ එම ක්ෂේත්‍ර යි. ඉන්දියානු සහ ශ්‍රී ලංකා ආර්ථිකයට අදාළව ආයෝජනයට ඇති බාධා සහ වෙළෙඳාම සඳහා ඇති තීරු බදු නොවන බාධා ජයග්‍රහණය කිරීමට රටවල් දෙකම උත්සාහ කළ යුතුයි. විශේෂයෙන් ඉන්දු ආර්ථික සබඳතා ජයග්‍රහණය කරන්න උත්සාහ කළ යුතුයි. මෙම යුගයේ දී අග්නිදිග සහ නැගෙනහිර ආසියානු කලාපයේ ඒකාබද්ධතාව ඔබ දකිනවා. අපි මොනවද දකුණු ආසියාවේ කළ යුතු වන්නේ? ඉන්දියාව, ශ්‍රී ලංකාව නේපාලය සහ බංගලාදේශය සම්බන්ධ වෙළෙඳ ඒකාබද්ධතාව අපගේ මතයයි. අපි ක්ෂේත්‍ර ගණනාවකින්ම එය බලාපොරොත්තු වෙනවා.

ඉන්දියාව සමඟ වෙළෙඳ ඒකාබද්ධතාවකට පැමිණීම තමයි වැදගත් වන්නෙ. කොහොමද අප ඉදිරියට කරගෙන යන්නෙ. ඒ සඳහායි අපේ අවධානය දිය යුත්තේ. 2047, 2048 දී අප සිටිය යුත්තේ කොතැන ද? දුප්පත්කමින් තොර සමෘද්ධිමත් සමාජයක අප සිටිය යුතුයි. ඉහළ මධ්‍යම පාන්තිකයන් සඳහා ප්‍රමාණවත් වන ඒක පුද්ගල ආදායම පැවතිය යුතුයි. එසේ නොමැති නම් සමෘද්ධිමත් සංවර්ධිත ආර්ථිකයක් තිබිය යුතුයි. එය වෙළෙඳාම සහ තරඟකාරිත්වය වැනි ප්‍රතිඵල ලබා ගැනීමට රඳා පවතිනවා. ඉන්දියාව අසල්වාසින් සමඟ පවත්වන සබඳතා වෙළෙඳ ඒකාබද්ධතාව මත තීරණය වෙනවා කියා මා හිතනවා. වෙළෙඳ ඒකාබද්ධතාව ආර්ථික පදනමක් සලසනවා. පොදු ආර්ථික පදනමක් ජාතික ආරක්ෂාව සඳහා වගේම වඩා යහපත් දේශපාලන සබඳතාවක් සඳහා පූර්ව අවශ්‍යතාවක් වෙනවා. මෙය මතකයේ තබාගෙන අප ප්‍රධාන පියවර දෙකක් අනුගමනය කරනවා. සංකීර්ණ, ආර්ථික, තාක්ෂණික හවුල්කාරිත්වයක් දක්වා නිදහස් වෙළෙඳ කලාපීය ගිවිසුම් යාවත්කාලීන කරනවා. 2018, 2019 වර්ෂයේ දී අප එය ආරම්භ කළා. නමුත් කමිටු විශාල ගණනක් ද ඇතිව වාණිජ දෙපාර්තමේන්තුවේ යම් තැනක එය ඇණ හිට ඇති බවට මට මෑතක දී දැන ගැනීමට ලැබුණා. එම අවස්ථාවේ දී එවකට හිටපු මලික් සමරවික්‍රම අමාත්‍යතුමාට මේ පිළිබඳ සාකච්ඡා කරන ලෙස දැන්වූවා. මම ඒ කමිටු සියල්ල අත්හිටවනු ලැබුවා. මෙය ඉහළම දේශපාලන මට්ටමෙන් ඉක්මනින් සිදුවිය යුතු බව දැනුම් දුන්නා. නමුත් ශ්‍රී ලංකාවට තම ජාත්‍යන්තර වෙළඳාම සංවර්ධනය කරගත යුතු නම් අපි වෙනස් ආකාරයකට සිතිය යුතුයි. සියලුම ජාත්‍යන්තර වෙළෙඳාම් සම්බන්ධයෙන් කතිකා කරන ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයක් ස්ථාපිත කරන්න මම තීරණය කළා. විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සමඟ මම සාකච්ඡා කළ පරිදි මුදල් අමාත්‍යාංශය යටතේ එය ස්ථාපිත කරනවා. එය පසුව ප්‍රතිව්‍යුහගත කිරීමේ දී විදේශ කටයුතු සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය යටතට ගන්නවා. මෙය පළමු පියවරයි. අපි අනවශ්‍ය නීතිරීති ඉවත් කළ යුතුයි. අපේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ගැන අපි අවධානය යොමු කරනවා. අපගේ ව්‍යාපාර පහසු කරවන වෙනම අමාත්‍යාංශයක් පිහිටවිය යුතුයි. විවිධ වෙළෙඳ ගිවිසුම් පිළිබඳවත් බලාපෙරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට එකට එක් වීම සඳහා අවකාශය තිබෙනවා. අපට එක්ව වැඩකළහැකි පුනර්ජනනීය බලශක්තිය, සංචාරක ව්‍යාපාරය, වෙළෙඳාම, සැපයුම්, තොරතුරු තාක්ෂණය ආදි බොහෝ ක්ෂේත්‍ර තිබෙනවා. දෙරටේම යහපත සඳහා අපි එකට වැඩ කළ යුතු යි. දෙවනුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර එකඟතාවට පැමිණ ඇති ශ්‍රී ලංකාවේ පාර්ශ්වයෙන් ප්‍රමාද වූ ව්‍යාපෘති ගැන අපි අවධානය යොමු කරනවා. මගේ කාර්ය මණ්ඩල ප්‍රධානිට මම දැනුම් දුන්නා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස. මං දැක්කා අද ඔහුව වට කරගෙන නිලධාරීන් කියනවා ඇයි ඔවුන්ට එය සිදු කිරීමට නොහැකි වුණේ කියලා. ව්‍යාපෘතිවල පැතිකඩ දෙකක් ගැන විතරයි මම කතා කළේ. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇති විදුලිබල ජාල සම්බන්ධතාවය, සුළං බලශක්තිය, සාම්පූර්හි සූර්ය බලාගාරය (power grid connection, off shore wind energy, Solar power plant of Sampure) යාපනයේ දූපත් තුනෙහි ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති යනාදිය පිළිබඳ එහිදී සොයා බැලෙනවා. පුනර්ජනනීය බලශක්ති සම්බන්ධයෙන් අපට පුළුල් වපසරියක් තිබෙනවා. ඉන්දියාව ඊට මුලපුරලා තිබෙනවා. තවත් පිරිස් සිටිය හැකියි. පුත්තලම සිට මුලතිව් දක්වා පුනර්ජනනීය බලශක්තිය යොදා ගන්නවා නම් සහ හරිත හයිඩ්‍රිජන් සඳහා යොමු වනවා නම් ඒ තුළින් ඉන්දියාවට බලශක්තිය සපයනවා නම් උතුරුකරයේ ආර්ථිකයේ දියුණුවක් දැකගත හැකි වේවි. එය මින් පෙර අත්නොදැකපු දෙයක්. එය උතුරේ ආර්ථිකයට විශාල බලපෑමක් වෙනවා.

ඉන්දියාවේ උසස් අධ්‍යාපන ආයතන ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් අපි අවධානය යොමු කර තිබෙනවා. යාපනය අපි හඳුනාගත් එක් ප්‍රදේශයක්. අපට තිබුණා ත්‍රිකුණාමලය සංවර්ධනය කරන්න. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය, වරාය හා ආයෝජන සංවර්ධනය කිරීම. මේ සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා. දියුණු කළ හැකි අවස්ථා තියෙනවා. එය කෙතරම්දයත් උතුරු ප්‍රදේශය ගැන සලකන කොට පුනර්ජනනීය බලශක්ති බටහිර ප්‍රදේශයේත්, නැගෙනහිර ප්‍රදේශයේ වරායත් තිබේවි. එය උතුරේ සංවර්ධනයට දායක වේවි. නමුත් ඒක විතරක් නෙවේ අපි බලාපොරොත්තු වන්නේ. ඇයි අපි සැපයුම් වැඩිදියුණු කළ යුත්තේ. අපි ඉන්දියාවට සහ බංගලාදේශයට තිබෙන ප්‍රධාන වරායන් අතරින් එකක්. CPC එකෙන් වැඩි තෙල් පිරවුම්හල් ප්‍රමාණයක් මිලට ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ඉන්දියානු තෙල් සමාගමට මම ස්තූතිවන්ත වෙනවා. වඩා හොඳ ඉන්ධන සැපයුමක් බලාපොරොත්තු වන ඔබ බොහෝ දෙනෙකුට මෙය හොඳ සලකුණක් වේවි. නමුත් මේ සියල්ල ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමීප ආර්ථික සහයෝගීතාවක් ඇති කිරීම සඳහා අඩිතාලම දමනවා. මෙහි නව ආයෝජන ඇති වේවි. ශ්‍රී ලාංකිකයින් ඉන්දියාවේ ආයෝජන සිදු කිරීම ගැන මම ආඩම්බර වෙනවා. දම්රෝ එවැනි එක් උදාහරණයක්. අපි ඉන්දියානුවන්ට මෙරටට පැමිණෙන්න ආරාධනා කරනවා වගේම ශ්‍රී ලංකිකයන්ටත් ඉන්දියාවට යාමට ඉඩ ලබා දිය යුතුයි. මෙය දියුණු විය හැකි අවස්ථා ඇති එක් විශාල වෙළඳපොළක් ලෙස අපි සලකමු. මොකද අපිට දැන් අනාගතය ගැන සිතන්න තියෙනවා. අපි එය සැලසුම් කළ යුතු යි. අපි දැන් එය කරමු. අතීතය ගැන සිතන්න එපා. ඊළඟ අවුරුදු 25 සඳහා අපේ අරමුණු මොනවද කියලා අපි දන්නවා. ඒ අනුව අපි ඉදිරියට යමු. යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ විදේශ කටයුතු ඇමති අලී සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ, ශ්‍රී ලංකා ඉන්දියානු සමාජයේ කිෂොර් රෙඩ්ඩි යන මහත්ම මහත්මීහු ඇතුළු විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් මෙන්ම උසස් නිලධාරිහූ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

An international trade office which will deal with all the international trade negotiations will be established-President.

President Ranil Wickremesinghe said that Free Trade Agreement would be revived and upgraded into a comprehensive economic and technological partnership.
He pointed out Sri Lanka and India gradually have to wean themselves out of the barriers to investment and the non-tariff barriers to trade specially in relation to Sri Lanka Indo economic relations.

He made these observations addressing the Sri Lanka India Society (SLIS) get together held at the Taj Samudra Hotel in Colombo on Thursday (15) evening to mark the 75th anniversary of independence of India.

Following is the full speech made by the President: ” Your Excellency, the High Commissioner, Honourable Minister of Foreign Affairs, Distinguished guests and friends. First, I must thank Mr. Kumar Nadesan for all the nice things, he said about me. No doubt influenced by the fact that I have given a moratorium for the newspaper industry. I must say, you all have set up a record, looking at last year and this year, that two people from the same school and the same class have been the chief guest at these meetings. It gives me great pleasure to be here with you all on the 75th anniversary of India’s independence. As I said earlier, the late Jawaharlal Nehru, Pundit Ji’s speech that day, traced with destiny, referred not only to India but I think to all of Asia. Even before India became independent in 1946, you called the first Asian Relations Conference that paved the way for the Asian nations to get together. Subsequently other Asians and Africans to get together. Actually India in that sense was the head of the others. China came in only in 1949 and Japan in 1952, the three greats that constitute the main powers of Asia.
We have also to remember the achievements of India. India was born out of a partition of states put together and there was a question of how long India would last. So India has lasted 75 years and therefore will last very much longer. There is no doubt of that. In this you must remember two individuals, one is Deputy Prime Minister, Vallabhbhai Patel, who did the work of bringing some of the states together, especially the more difficult ones. And most of all Pandit Ji who establish India, the concept of India and the Indian identity. So that itself is a tribute and the achievement of India.

India and Sri Lanka have many things in common. That is symbolized by your flag carrying the Ashoka Chakra. Under Ashoka the great Emperor Buddhism came to Sri Lanka. The Mauryan rule came to Sri Lanka. Even after the Mauryan system collapsed with the succeeding Guptas, the Mauryan system of rule came and stayed in Sri Lanka well in latter part of our dry zone kingdom, the Rajarata Kingdom. So far, institutes of government, the planning of our cities come from this system.
We also had Buddhism, which was sent in by Emperor Asoka and then the Indian flag today symbolizes the origin of how Sri Lankan society was built. The two languages we have, Sinhala and Tamil which were originated from Sanskrit and Pali to be exact Magadi, which was preached by the Buddha as he went down the Ganges plains. This is just a beginning. So many other systems of customs have come along here from India, from North India, and more so in the last thousand or more years from South India.
You could see a commonality in the customs that have come from Tamil Nadu and the customs that have come from Kerala. Many of you, Sinhalese here are great believers in ‘Rahu Kalaya’- that is what you have got from Kerala. No one gave it to you here. We worship the goddess Pattini, another import from Kerala. So we have here a large number of people, not merely the Buddhist, not merely the Hindus, but even a sizable section of the Muslims who convert to Muslim on the Quran translated to Tamil from South India, so that that shows the influence that India as a continent has had on Sri Lanka.
So we have, now, got independence six months after each other and we have ventured out on a journey. So, there are many common cultural heritages that we have. Religion, culture, as you saw the dancers here, that’s one part. If you look at that red and white that the Kandyan wear that again is from Kerala, the colour scheme that come there. So this is the commonality. We have our differences, but we built on this. And democracy is one thing that is common to us that we built up on modern age. We must thank the British Empire for giving us cricket, which again has brought all of us together and to India with Bollywood.
These are the new factors which bind us together. So that’s why we always say this is not merely one of a bilateral relationship. It goes beyond that. Take your national anthem written by Rabindranath Tagore and take our national anthem written by a student of Rabindranath Tagore. Tagore was the greatest Indian or Southeast Asian which I could not mention in the first half of the 20th century. He belongs to all of us.
I remember my mother describing the occasion where Rabindranath Tagore came to Sri Lanka. He stayed with my great grandmother and my mother among others, had the opportunity of speaking with Rabindranath Tagore. And that’s the description that worth thinking of. So we’ve been influenced by many of those who came from India, and we have now become one part of the continent joined together.

The irony is that some of those in South India sort of find Colombo more common to them than many parts of North India. So how do we carry on? Whatever we are doing culturally, I don’t think, a government can promote. It will happen automatically. But what is significant is that the Prime Minister of India comes and worships in the Temple of the Tooth and the President of Sri Lanka goes to Tirupati.
I don’t think you can see such type of a change happening in any other part of the world or any other country. I think we should leave the culture to the people, leave the arts to the people. They’ll decide what they want and what they don’t want.
But I must thank Prime Minister, Narendra Modi, for the gift of Rs 2 billion that has been given to us to promote Buddhist relations between India and Sri Lanka. We will come across with some new ideas and new projects which will make people aware of the connections between our two countries. Then where is the area where which we can expand. That is in the area of trade and commerce. Actually, many religions have more than one paradise. The Indian and Sri Lankan economies have two paradises, one is barriers to investment, other is non-tariff barriers to trade. Now both our countries have to gradually wean ourselves out of it. Especially in Sri Lanka Indo economic relations. We are working for it because in this age, we do see integration taking place in South-east Asia and East Asia. When they are getting together, what do we do in South Asia? At least our view is that India and neighbouring countries Nepal, Sri Lanka Bangladesh should integrate. We look forward to that. We look forward to trade integration in many areas with the RCEP with the EU, but the cornerstone of this is to achieve trade integration with India. And how do we go ahead we have to give our emphasis.
What do you want to be in 2048, 2047? Prosperous societies without poverty where our per capita income is sufficient to be able to be classified as an upper middle income economy or a prosperous, developed economy. Then that depends on trade and in exploiting competition.
I think the future relations of India with its neighbours will be determined by trade integration. Trade integration gives an economic base. Common economic base is a prerequisite for a better national security and better political relations. So, keeping this in mind, we are taking two major steps.
First one is we will revive and upgrade the Free Trade Agreement into a comprehensive economic and technological partnership. We started that in 2018 and 2019. Then I found recently that it has been stuck somewhere in the department of Commerce with a large number of committees. I didn’t know why it was necessary. At that time, I asked the then minister, Mr. Malik Samarawickrama to negotiate it, and we didn’t have very many things. So I abolished all the committees and I said, I want to see this done quickly at the highest political level. But I also think if Sri Lanka wants to develop its international trade, we have to think differently. So I have decided to establish an international trade office which will deal with all the international trade negotiations. As I spoke with the Minister of Foreign Affairs, first under the Ministry of Finance to set it up and when it restructured, we will go in the future to Ministry of Foreign Affairs and International Trade.

So this is the first step that will pave the way. It also means that we had to remove the red tape. We are looking at restructuring our institutions of having of looking at a separate ministry which will deal with ease of doing business competitiveness at the same time, to look forward to the different trade agreements that we will come to. So there is scope for the Sri Lanka and India to get together and look at their different areas for instance, logistics, renewable energy, tourism, trade, I.T. There are many, many areas which we can work together and we should work together for the benefit of our two countries.
Secondly, we are looking at all the projects which India and Sri Lanka had agreed to, but unfortunately it had got delayed at the Sri Lankan end. So I have asked my chief of staff who is here to work on it, and I saw him today surrounded by different officials explaining why they couldn’t do it. So I presume after some time we come to the stage, they will tell us that we will do it. But amongst it we have our agreements on the Indian rupee being used here, which finally will enable Indian tourists to come in here and help Tourism.
But of the projects, I will only talk of two areas.
One is the long term energy solution, the power grid connection between India and Sri Lanka, offshore wind energy, solar power plant at Sampur and the renewable energy projects on three islands of Jaffna.
We have a tremendous scope of potential renewable energy, and India has stepped in first. There’ll be others. But what from Puttlam to Mullativu, if we exploit the renewable energy and go in for green hydrogen and also providing power to India, you will see the upliftment of the Northern economy, which had not happened earlier. The big impact on the northern economy and the implementation. Then we come to promoting Indian higher education institutes to come into Sri Lanka, especially Jaffna is one area we have identified, again another development.
And we had the Trincomalee development, the Trincomalee tank farm development, the development of the upper tank farm, the development of the Trincomalee Port and the investment zones which we are working out. Fortunately Surbana Jurong has given us a plan for the layout of the Trincomalee areas. So this gives big potential. The potential is such that you will find, as far as North is concerned, on its western side will be renewable energy and its eastern side a port. So that will contribute to the development of the north. But that is not only the area we are looking at. We are developing logistics because of the fact that we are one of the main port for India and Bangladesh. So together with India, Adani Group has already taken over part of the West terminal of the south port. We will be further developing the logistics in Sri Lanka. Similarly, in many other fields even of the area of privatization. And now I am glad that the, LIOC has decided to buy more filling stations from the CPC. Those are good signs for most of you while looking for a better supply of petroleum. But these will all lay the foundation for the area for closer economic cooperation between India and Sri Lanka. There will be new investments here. I am proud that Sri Lankans have gone out to India. Damro Company is one such example. We should allow Sri Lankans to go to India just as we call for Indians to come here.

But let us treat this as one big market with potential because we have now to think of the future. Of the past, yes, we can be satisfied. Of the future, yes, we have to plan it down. Let’s do this now and don’t look back. Look forward. Go ahead. We know what our goals have to be for the next 25 years.
So I don’t want to take any more of your time, but I would like to bring a toast to the friendship between the people of Sri Lanka and the people of India.
First Lady Senior Professor Maithree Wickremesinghe, Minister of Foreign Affairs Ali Sabry, High Commissioner of India to Sri Lanka H. E. Gopal Baglay, SLIS President Kishore Reddy, Chief of Staff to the President and Senior Advisor to the President on National Security Sagala Rathnayake also participated in the event.

 

 

 

சர்வதேச வர்த்தகத்தை கையாளும் விசேட அலுவலகத்தை நிறுவ இருப்பதாக ஜனாதிபதி தெரிவிப்பு

 

சர்வதேச வர்த்தகத்தை கையாளும் சர்வதேச வர்த்தக அலுவலகத்தை நிறுவ இருப்பதாக ஜனாதிபதி ரணில் விக்ரமசிங்க அவர்கள் தெரிவித்துள்ளார்.

இந்தியாவுடன் பொருளாதார மற்றும் தொழில்நுட்ப ஒத்துழைப்பை ஏற்படுத்தும் ஒப்பந்தங்களுக்கான பணிகளைத் துரிதமாக முன்னெடுப்பதற்கு பணித்துள்ளதாகவும் ஜனாதிபதி தெரிவித்தார்.

இலங்கைக்கும் இந்தியாவுக்கும் ஒன்றிணைந்து செயற்படுவதற்கு மேலும் பல வாய்ப்புகள் உள்ளதாகவும் ஜனாதிபதி இதன்போது சுட்டிக்காட்டினார்.

இந்தியாவின் 75வது சுதந்திர தினத்தை முன்னிட்டு இலங்கை இந்திய சமூகம் (SLIS) கொழும்பு தாஜ் சமுத்ரா நட்சத்திர விடுதியில் நேற்று (15) மாலை நடத்திய ஒன்றுகூடல் நிகழ்வில் உரையாற்றும்போதே ஜனாதிபதி ரணில் விக்ரமசிங்க இவ்வாறு தெரிவித்தார்.
2048 ஆண்டாகும் போது வறுமை இல்லா, வளமான நாடாக இலங்கை உருவாக வேண்டும். அத்துடன், வர்த்தக ஒருங்கிணைப்பே இந்தியாவுடனான இலங்கையின் உறவைத் தீர்மானிப்பதாகவும் ஜனாதிபதி மேலும் தெரிவித்தார்.
மேலும் உரையாற்றிய ஜனாதிபதி அவர்கள்,
1946 இல், இந்தியா சுதந்திரம் அடைவதற்கு முன்னர் முதலாவது ஆசிய உறவுகள் தொடர்பான மாநாடு நடந்தது. இது ஆசிய நாடுகளை ஒன்றிணைக்க வழிவகுத்தது. பின்னர் ஆசிய மற்றும் ஆபிரிக்க நாடுகளுக்கு ஒன்றிணைய அது வழிவகுத்தது. அதற்கமைய ஏனைய நாடுகளின் பிரதானியாக இந்தியா இருக்கிறது. இந்தியா, சீனா, ஜப்பான் ஆகிய நாடுகள் ஆசியாவின் மூன்று முக்கிய சக்திகள்.
இந்தியாவைப் பற்றி பேசும் போது இரண்டு பேரை மனதில் கொள்ள வேண்டும். மாநிலங்களை ஒருங்கிணைத்த பிரதிப் பிரதமர் வல்லபாய் படேல் மற்றும் இந்தியா என்ற தனித்துவத்தை ஏற்படுத்திய ஐவஹர்லால் நேரு ஆகியோர் இதில் முக்கியமானவர்கள். இந்திய தேசியக் கொடியில் இருக்கும் அசோக சக்கரம் இந்தியாவின் வெற்றியை காட்டுகிறது. அசோக சக்கரவர்த்தியின் கீழ் பௌத்த சமயம் இலங்கைக்கு வந்தது. இலங்கைச் சமூகத்தின் ஆரம்பம் எவ்வாறு அமைந்தது என்பதை இந்திய தேசியக் கொடி பிரதிபலிக்கிறது.
இந்தியா, வட இந்தியா மற்றும் தென்னிந்தியாவிலிருந்து பல பழக்கவழக்கங்கள் எமது நாட்டுக்கு வந்துள்ளன. தமிழ் நாடு மற்றும் கேரளாவில் இருந்து வரும் பழக்கவழக்கங்களில் ஒற்றுமைகள் காணப்படுகின்றன. இங்குள்ள பெரும்பாலான சிங்கள மக்கள், ராகு காலத்தில் உறுதியான நம்பிக்கை கொண்டவர்கள். இந்த நம்பிக்கை கேரளாவில் இருந்து வந்ததாகும். கேரளாவைச் சேர்ந்த பத்தினி தேவியை நாம் இங்கு வணங்குகின்றோம். இங்கு பௌத்தர்களும் இந்துக்களும் அல்லாத ஏராளமான மக்கள் வாழ்கிறார்கள். தென்னிந்தியாவில் இருந்து தமிழில் மொழிபெயர்க்கப்பட்ட குர்ஆனை படித்து முஸ்லிம்களாக மாறிய இளைஞர்கள் இங்கு உள்ளனர். உபகண்டமாக இந்தியா, இலங்கை மீது செலுத்தும் செல்வாக்கை இது காட்டுகிறது. இரு நாடுகளும் ஆறுமாத இடைவெளியில் சுதந்திரம் பெற்றன. எங்களுக்கு பொதுவான கலாசார, பாரம்பரியங்கள் உள்ளன. மதம், கலாசாரம், நடனம் போன்றவை பொதுவானவையாக காணப்படுகின்றன. இதேபோன்று இருநாடுகளுக்கும் இடையில் வேறுபாடுகளும் உள்ளன. நாங்கள் அந்த வேறுபாடுகளின் ஊடாகவே உருவாகியுள்ளோம்.
இந்த நவீன யுகத்தில் ஜனநாயகம் என்பது அனைவருக்கும் பொதுவானதாகும். எங்கள் அனைவரையும் ஒன்றிணைத்த கிரிக்கெட் விளையாட்டை எமக்குத் தந்த பிரித்தானியாவிற்கு நன்றி கூறவேண்டும். பொலிவுட்டை வழங்கிய இந்தியாவுக்கு நன்றி கூற வேண்டும். இவையே நம்மை ஒன்றிணைத்துள்ள புதிய விடயங்களாகும். அதனால்தான் எமக்கிடையில் இருப்பது இருதரப்பு உறவு மட்டுமல்ல என்பதை தொடர்ந்து சுட்டிக்காட்டி வருகிறேன். இந்த உறவு அதையும் தாண்டியது. ரவீந்திரநாத் தாகூரின் மாணவர் தான் எமது தேசிய கீதத்தை இயற்றினார். அவர் நம் அனைவருக்கும் சொந்தமானவர். ரவீந்திரநாத் தாகூர் இலங்கைக்கு வந்திருந்த சந்தர்ப்பத்தைப் பற்றி எனது தாயார் சொல்லியிருக்கிறார். ரவீந்திரநாத் தாகூருடன் பேசும் வாய்ப்பு அவருக்குக் கிடைத்தது. இந்தியாவில் இருந்த பலரின் செல்வாக்கை நாம் பெற்றிருக்கிறோம். நாம் அந்த உபகண்டத்தின் ஒருங்கிணைந்த பகுதியாக மாறிவிட்டோம். தென்னிந்தியாவைச் சேர்ந்த சிலருக்கு வட இந்தியாவின் சில பகுதிகளை விட இலங்கையின் சில பகுதிகளே நன்கு பரிச்சயமாகவுள்ளது.
அரசாங்கத்தினால் கலாசாரத்தை வளர்க்க முடியாது. அது தானாக உருவாகக் கூடியது. ஆனால் இந்தியப் பிரதமர், தலதா மாளிகையை வணங்கச் செல்வதும், இலங்கை ஜனாதிபதி திருப்பதியை வணங்கச் செல்வதும் முக்கியமான விடயங்களாகும். உலகில் வேறு எந்த நாட்டிலும் இவ்வகையான பிணைப்பை பார்க்க முடியாது.
இலங்கை – இந்திய பௌத்த உறவை மேம்படுத்துவதற்காக இரண்டு பில்லியன் ரூபாவை பரிசாக வழங்கியமைக்காக பிரதமர் நரேந்திர மோடிக்கு நன்றி கூற கடமைப்பட்டுள்ளேன். இரு நாடுகளுக்கும் இடையிலான உறவை, மக்களுக்கு உணர்த்தும் வகையில் புதிய யோசனைகள் மற்றும் திட்டங்களை முன்வைக்க நாம் எதிர்பார்க்கிறோம். விஸ்தரிக்கக் கூடிய துறைகள் தொடர்பில் ஆராயப்படுகிறது. வர்த்தகம் மற்றும் வாணிபம் என்பன அவ்வாறு விஸ்தரிக்கக் கூடிய துறைகளாகும்.
குறிப்பாக இந்திய பொருளாதார உறவுகளை வென்றெடுக்க முயற்சிகள் மேற்கொள்ளப்பட வேண்டும். இந்த சகாப்தத்தில் தென் கிழக்கு மற்றும் கிழக்கு ஆசிய பிராந்தியத்தின் ஒருங்கிணைப்பைக் காண்கிறீர்கள். தெற்காசியாவில் நாம் என்ன செய்து கொண்டிருக்கிறோம்? எங்கள் கருத்துப்படி, இந்தியா, இலங்கை, நேபாளம் மற்றும் பங்களாதேஷ் ஆகியவற்றை உள்ளடக்கிய வர்த்தக ஒருங்கிணைப்பு உருவாக வேண்டும். இந்தியாவுடன் வர்த்தக ஒருங்கிணைப்பை எட்டுவது முக்கியமானது. 2048 ஆண்டாகும் போது வறுமை இல்லா, வளமான நாடாக உருவாக வேண்டும். உயர் நடுத்தர வர்க்கத்தினருக்கு போதுமான மொத்த உள்நாட்டு வருமானம் இருக்க வேண்டும். இல்லை என்றால் வளமான பொருளாதாரம் இருக்க வேண்டும். வர்த்தக ஒருங்கிணைப்பே, அண்டை நாடான இந்தியாவுடனான நமது உறவை, தீர்மானிக்கிறது. வர்த்தக ஒருங்கிணைப்பு பொருளாதார அடிப்படையை வழங்குகிறது. தேசிய பாதுகாப்பு மற்றும் சிறந்த அரசியல் உறவுக்கு பொதுவான பொருளாதார அடித்தளம் அவசியமாகும்.
2018, 2019 ஆம் ஆண்டுகளில் பொருளாதார மற்றும் தொழில்நுட்ப ஒத்துழைப்பை ஏற்படுத்தும் ஒப்பந்தங்களை செய்துகொள்ள முயற்சித்தோம். அதற்குத் தடையாக இருந்த குழுக்கள் அனைத்தையும் நிறுத்தினேன். இதனைத் துரிதமாக மேற்கொள்ள வேண்டும் என அரசியல் உயர்மட்டத்துக்கு அறிவித்துள்ளேன். எவ்வாறாயினும், இலங்கை தனது சர்வதேச வர்த்தகத்தை அபிவிருத்தி செய்ய வேண்டுமானால், நாம் வேறுவிதமாக சிந்திக்க வேண்டும். அதற்காக, அனைத்து சர்வதேச வர்த்தகத்தையும் கையாளும் சர்வதேச வர்த்தக அலுவலகமொன்றை நிறுவ முடிவு செய்துள்ளேன். நிதி அமைச்சின் கீழ் இந்த அலுவலகம் நிறுவப்படும். இதன்மூலம் எமது வர்த்தகத்தை, சர்வதேச வர்த்தகம் வரை விரிவுபடுத்த முடியும். நிறுவனங்களை மறுசீரமைப்பதில் கவனம் செலுத்தி வருகிறோம். நமது வர்த்தகச் செயற்பாடுகளை எளிதாக்க தனியான அமைச்சு உருவாக்கப்பட வேண்டும். பல்வேறு வர்த்தக ஒப்பந்தங்கள் நிலுவையில் உள்ளன. இலங்கைக்கும் இந்தியாவுக்கும் ஒன்றிணைந்து செயற்பட மேலும் பல வாய்ப்புகள் உள்ளன. புதுப்பிக்கத்தக்க வலுச்சக்தி, சுற்றுலா, வர்த்தகம், தகவல் தொழில்நுட்பம் உள்ளிட்ட பல துறைகளில் நாம் இணைந்து செயல்பட முடியும்.
செயல்திட்டங்களுள் இரண்டைப்பற்றி மட்டும் நான் கூற விரும்புகிறேன். முதவாவது நீண்டகால வலுச்சக்திக்கு தீர்வு காணும் வகையில் இலங்கைக்கும் இந்தியாவுக்குமிடையிலான மின்சார இணைப்பு, கடலோர காற்றாலை திட்டம், சம்பூர் சூரிய மின்சக்தி உற்பத்தி நிலையம் மற்றும் யாழ்ப்பாணத்தின் மூன்று தீவுகளில் முன்னெடுக்கப்படவுள்ள புதுப்பிக்கத்தக்க வலுச்சக்தி செயல்திட்டங்கள் என்பவற்றை முன்னெடுக்க வேண்டும்.
புதுப்பிக்கத்தக்க ஆற்றலுக்கு மிகப்பெரிய முக்கியத்துவத்தை நாம் வழங்கியுள்ளோம். இவ்விடயத்தில் இந்தியா முதலில் அடியெடுத்து வைத்துள்ளது. எனினும், புத்தளத்திலிருந்து முல்லைத்தீவு வரை பசுமை ஹைட்ரஜனைப் பயன்படுத்தும் அதே சந்தர்ப்பத்தில் இந்தியாவுக்கும் மின்சாரத்தை வழங்கினால் வடக்கின் பொருளாதாரத்திலும் முன்னொருபோதும் இல்லாத வகையில் முன்னேற்றத்தைக் காண முடியும். இது வடக்கின் பொருளாதாரத்தில் பெரும் செல்வாக்கை ஏற்படுத்தும்.
அடுத்ததாக இலங்கையில் நிறுவ முன்வரும் இந்திய உயர் கல்வி நிறுவனங்களுக்கு ஊக்கமளிக்க வேண்டும்.
திருகோணமலையிலும் அபிவிருத்தி திட்டங்கள் முன்னெடுக்கப்பட்டு வருகின்றன. இது பெரிய ஆற்றலைக் கொண்டுள்ளது. வடக்கைப் பொறுத்தவரை அதன் மேற்குப் பகுதி புதுப்பிக்கத்தக்க ஆற்றலுக்கு முக்கியத்துவம் அளிக்கப்படுவது போன்றே அதன் கிழக்குப் பகுதி துறைமுகத்துக்காக முக்கியத்துவம் பெறுகிறது. இந்தியாவுக்கும் பங்களாதேஷிற்கும் இது பிரதான துறைமுகமாக இருப்பதனால் இதன் அமைவிடம் முக்கியத்துவம் பெறுகிறது.
இந்திய எண்ணெய் கம்பனி (IOC) மேலும் பல எரிபொருள் நிரப்பு நிலையங்களை இலங்கை பெற்றோலியக் கூட்டுதாபனத்திடமிருந்து வாங்க தீர்மானித்துள்ளமை மகிழ்ச்சிக்குரிய விடயமாகும் என்று ஜனாதிபதி தெரிவித்தார்.
இலங்கை இந்திய சமூகத்தில் சுமார் 800 இற்கும் மேற்பட்ட இலங்கை இந்தியப் பிரஜைகள் வாழ்நாள் உறுப்பினர்களாக அங்கம் வகிக்கின்றனர். இச்சங்கம் இலங்கையிலுள்ள இந்திய உயர்ஸ்தானிகராலயத்துடன் மிக நெருக்கமாக பணியாற்றி வருகின்றது.
முதல் பெண்மணி சிரேஷ்ட பேராசிரியர் மைத்ரி விக்ரமசிங்க, வெளிவிவகார அமைச்சர் அலி சப்ரி, இலங்கைக்கான இந்திய உயர்ஸ்தானிகர் எச்.ஈ.கோபால் பாக்லே, இந்திய இலங்கை சங்கத்தின் தலைவர் கிஷோர் ரெட்டி, ஜனாதிபதியின் பணிக்குழு பிரதானி மற்றும் தேசிய பாதுகாப்பு தொடர்பான ஜனாதிபதியின் சிரேஷ்ட ஆலோசகர் சாகல ரத்நாயக்க ஆகியோரும் இந்நிகழ்வில் பங்கேற்றனர்.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *