දොඩංගොඩ ගැලනිගම අධිවේගී මාර්ගයේ ගැලනිගම දෙසට 25.5 කිලෝමීටර කණුව අසල දී වාහන කිහිපයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
ලොරි රථ දෙකක්, සුඛෝපභෝගි වෑන් රථයක් සහ කාර් රථයක් මෙම අනතුරටල ලක්ව තිබෙනවා.
සිදු වූ අනතුරින් දේශිකයින් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.
මාතර දෙස සිට කොළඹ දෙසට හාල් රැගෙන ගිය ලොරි රථයක් ගමන් කරමින් තිබියදී ලොරි රථයේ දකුණු පිටුපස විදේශිකයන් රැගත් සුඛෝපභෝගී වෑන් රථය ගැටී තිබෙනවා
ඒ සමගම පිටුපසින් පැමිණි කාර් රථය ද වෑන් රථයේ ගැටී ඇති අතර, අනතුරින් ආරක්ෂිත වැටට ද හානි සිදුව ඇති බවයි වාර්තා වූයේ