වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි
සාකච්ඡා සහ කමිටු කොතෙකුත් පැවතුනත් ඔවුන්ගේ ඉල්ලීම්වලට තවමත් විසදුම් ලැබී නැහැ.
ඉල්ලිම් පහක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ගයට බලධාරීන් මෙතෙක් විසඳුම් ලබා දී නොමැති නිසා හෙට (06දා) සියලුම අනධ්‍යයන සේවකයන් කොළඹට කැඳවා තිබෙන බව විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.
පෙබරවාරි 28 වැනිදා සිට ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් අනධ්‍යයන සේවකයන් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කළ බවත් එම සංගමයේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා සඳහන් කළේය.
මෙම ගැටලු පිළිබඳ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට පත් වූ නව අමාත්‍ය කබීර් හෂීම් මහතාත් දැනුවත් කර තිබෙන බවත්, එහෙත් මෙතෙක් සාකච්ජාවක් හෝ ලබා දී නොමැති බවත් ඔහු පවසා සිටියේය.
MCA දීමනාව වසර 05ක් තුළ 100෴ක් වැඩිකිරීම සඳහා වූ එකඟතා අනුව මේ වසරේදී ලැබිය යුතු 20෴ ක ප්‍රමාණය ලබා නොදීම, 2017 ජුනි 15 වැනිදා එක් පාර්ශ්වයකට පමණක් ඉහළ දැමූ 15෴ දීමනාව ලබා නොදීම, අත්හිටුවූ භාෂා දීමනාව මෙතෙක් ලබා නොදීම,දේපළ ණය ක්‍රමය තුළ පනවා ඇති සීමා ඉවත් නොකිරීම, වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් සහ විශ්‍රාම වැටුප් ක්‍රමයක් මෙතෙක් සකස් නොකිරීම යන කරුණු මුල්කරගනිමින් මෙම වැඩ වර්ජනය සිදුකරනු ලබයි.
හෙට කොළඹට පැමිණෙන අනධ්‍යයන සේවකයන් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවද සම ලේකම්වරයා සඳහන් කළේය.
අනධ්‍යයන සේවකයන් සිදුකරන වැඩ වර්ජනය නිසා විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල සම්පූර්ණයෙන්ම අධ්‍යාපන කටයුතු ඇනහිට තිබෙන අතර, මීට අමතරව සතිඅන්ත පාඨමාලා, විභාග පැවැත්වීම සහ පර්යේෂණ කටයුතු සිදු කිරීමද ඇනහිට තිබේ.