අන්තර්ජාලය හරහා මුදල් උපයාගත හැකි බව පවසමින් කාන්තාවක් රවටා රුපියල් 6,105,600ක දැවැන්ත මුදලක් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ 02 සහ කුලියාපිටිය ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන්, වංචනික ලෙස ලබාගත් මුදල් බැංකු ගිණුම්වලට බැර කර පසුව එම ගිණුම් නොදන්නා පාර්ශ්වයන් වෙත අලෙවි කර ඇති බව විමර්ශනවලදී හෙළි විය. වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.














