ළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ලංකා විදුලිබල මණ්ඩලය 2024 වර්ෂයේදී පමණක් රුපියල් මිලියන 1060.02ක (කෝටි 106කට අධික) විවිධ දීමනා සිය සේවකයන් සඳහා ගෙවා ඇති බව විගණකාධිපතිවරයාගේ වාර්ෂික විගණන වාර්තාව මගින් අනාවරණය කර ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද දීමනා ලැයිස්තුවට පරිබාහිරව මෙම ගෙවීම් සිදු කර ඇති අතර, වෘත්තීය දීමනා ලබන නිලධාරීන් 601 දෙනෙකුට රුපියල් කෝටි 19ක රඳවා ගැනීමේ දීමනා ද නීතිවිරෝධී ලෙස ලබා දී ඇති බව වාර්තා වේ.
මීට අමතරව, මණ්ඩලයේ අර්ථසාධක අරමුදල (EPF) ආයෝජනය කිරීමේදී සිදුවූ මහා පරිමාණ පාඩුවක් සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගෙන ඔවුන්ට විශ්‍රාම යාමට අවස්ථාව ලබා දී තිබීම ද විශේෂත්වයකි. එසේම, “වෙස්ට් කෝස්ට් පවර්” (West Coast Power) සමාගමෙන් විදුලිය මිලදී ගැනීමේදී ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කරමින් වැඩිපුර ගෙවා ඇති මුදල් සහ ඊට අදාළ ප්‍රමාද පොලිය අය කර ගැනීමට ද 2024 දෙසැම්බර් 31 වන විටත් මණ්ඩලය කටයුතු කර නොතිබූ බව විගණන වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි. මෙම මූල්‍ය අවභාවිතයන් හේතුවෙන් පාරිභෝගිකයා මත පැටවෙන බර අවම කිරීමට රජය වහා මැදිහත් විය යුතු බව සිවිල් සංවිධාන අවධාරණය කරයි.













