අනුරාධපුර පොදු වෙළෙඳසැල් සංකීර්ණයේ නොසන්සුන් තත්වයක් හට ගෙන තිබෙනවා
ඒ අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේදී ඇති වූ නොසන්සුන්කාරී තත්වයයි.
අනුරාධපුර මහ නගරසභාව මඟින් මෙම අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමට අද (03) දින කටයුතු කර තිබෙනවා.
එහිදී එම වෙළෙඳුන් හා නගර සභා අනවසර ඉදිකිරීම ඉවත් කිරීමේ නිලධාරීන් සමග නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
“අම්මා අප්පාගේ බූදලේ නෙමෙයි කඩලා ඉවත් කරන්න…” ඔවුන් පවසා ඇත්තේ එසේයි.
කෙසේ වෙතත් විරෝධතාවය මැද අනුරාධපුර මහා නගර සභාව විසින් එම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.














