ඇඳිරි නීතිය ඉවත්කළද අද (28) වවුනියාව නගරයේ හා අවට ගම්මාන රැසක වෙළෙඳ සැල් වසාදැමීමට පියවරගත් බව වවුනියාව වෙළෙඳ සංගමය පවසයි.
ඒ කොවිඩ් වෛරසය ආසාදනයවූ අයකු වවුනියාව නගරයේ ස්ථාන රැසක සංචාරය කිරීම හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ අවධානය යොමුකරමිනි.
මේ පිළිබඳ වවුනියාව දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව වෙළෙඳ සංගමය හා ආරක්ෂක අංශ සමගත් සාකච්ඡා කර ඇත.
මේ අතර කොවිඩ් 19 ආසාදිතයන් කීපදෙනෙකු අනුරාධපුර දිස්ත්‍රික්කයේ නගර කීපයකින් හමුවීමත් සමගින් අදාල ආසාදිතයින් ප්‍රධාන නගරය වෙත පැමිණ ඇති බව හා ඔවුන් ඇසුරු කළ විශාල පිරිසක් ගම්මානයන් පුරාම සිටින බැවින් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානමක් පැවතීම හේතුවෙන් අද (28) හෙට (29) හා අනිද්දා (30) දින 03ක් අනුරාධපුර, එප්පාවල, තලාව හා මැදවචිචිය යන නගරයන්හි සියලු වෙළදසැල් වසා තැබීමට එම නගරයන්හී ලියාපදිංචි වෙළදහිමියන්ගේ සංගමය තීරණය කර ඇත.
ඇදිරී නීතිය ඉවත් කළද, වෙළදසැල් වසා දමා නගරයේ ජනතාව ගැවසීම පාලනය කිරීමට එම වෙළදසංගමයන් මෙම තීරණය ගෙන ඇති අතර, රජයේ බැංකු හා ෆාමසි විවෘතව පවතින බව එහි සිටින වාර්තාකරු පවසයි.