දිට්වා සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවේ චෙන්නායි ප්‍රදේශයට අසන්න මුහුදේ ස්ථානගතව පවතිනවා.
ඉන්දියාවටද මේ වන විට එමගින් යම් තාක් දුරකට බාධා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
දිට්වා හේතුවෙන් චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් 83ක් අවලංගු කෙරුණා.
තමිල්නාඩුවේ පාසල් ද වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.
තමිල්නාඩුවේ සමහර ප්‍රදේශ සඳහා රතු අනතුරු ඇඟවීමක් නිකුත් කෙරුණා.
තමිල්නාඩුවට දිට්වා නිසා ඇති වූ වර්ෂාපතනය ආශ්‍රිත සිදුවීම්වලින් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇති බව වාර්තා වනවා.
ගවයින් 149 දෙනෙක් ද මිය ගොස් තිබෙනවා.
තූතුකුඩි සහ තන්ජාවූර් හි බිත්ති කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගියා.
අනෙක් පුද්ගලයා මියගොස් ඇත්තේ විදුලි සැර වැදීමෙන්.
ගොවිබිම් හෙක්ටයාර 57,000 ක් බලපෑමට ලක්ව තිබෙනවා.
පැල්පත් 234 කට හානි සිදුව ඇති බව වාර්තා වනවා.
ආන්ද්‍ර ප්‍රදේශ්හි සමහර ප්‍රදේශවල ද අධික වර්ෂාපතනයක් වාර්තා වුණා.
සුළි කුණාටුවෙන් උෂ්ණත්වය පහත වැටීම හේතුවෙන් තෙලන්ගානා ප්‍රදේශයට දින ගණනාවක් තිස්සේ තියුණු සීතලක් පවතින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.














