වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා රෝගීන්ට ලබා දුන් ඔන්ඩන්සෙට්රෝන් (Ondansetron) නැමැති එන්නත රෝහල්වලින් ඉවත් කිරීමට නියම කර තිබුණා.
ඒ එම එන්නතෙහි විෂබීජයක් අඩංගු බවට අනාවරණය වීම හේතුවෙන්.
නමුත් මෙය ඉවත් කිරීමට ප්‍රතම එන්නත් 220,000ක් පමණ භාවිතයට ගෙන ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.
මෙහි විෂබීජයක් ඇති බවට පලමු වරට වාර්තා කර තිබුණේ මහනුවර මහරෝහලේ වෛද්‍යවරුන් විසින්.
නමුත් සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති හංසක විජේමුණි මේ වන විට පවසා ඇත්තේ මෙම ඖෂධය පිළිබඳ මුලින්ම සැක මතුවී තිබෙන්නේ පසුගිය මාසයේ ජයවර්ධන පුර රෝහලේ මෙම ඖෂයය භාවිත කළ රෝගීන් පස් දෙනෙක්ට අතුරු ආබාධ මතු වීමත් සමඟින් බවයි.
කෙසේ වෙතත් ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේ එන්නත් 270,000ක් මෙරටට ආනයනය කර ඇති අතර පසුගිය සිකුරාදා (12) දිනයේ සිට එම එන්නත් රෝහල්වලින් ඉවත් කිරීමට පියවර ගත් බවයි.
මෙම ඖෂධය ගැන සඳහන් කරමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරුණු ලැබූයේ මෙලෙසයි.
”ඔහු පැවසූ ආකාරයට මෙරටට ගෙන්වන ඖෂධවලින් 85%ක් ඉන්දියාවෙන්. ඉතිරි ඖෂධ බංගලාදේශයෙන් ගෙන්වනවා. අපේ NMR ලැබ් එකේ ඇති පහසුකම් අනුව එන හැම තොගයකම සාම්පල් පරීක්ෂා කරන අවස්ථාවක් නැහැ. සාමාන්‍යයෙන් අපි කරන්නේ ඖෂධය භාවිතා කරමින් තිබියදී යම්කිසි සංකූලතාවයක් ඇතිවුණොත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම තමයි දැනට NMRA පරීක්ෂණාගාරය තුළ සිදුවෙමින් පවතින්නේ.”













