අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ දෙසැම්බර් 5 වන දා සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතය.
අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.
එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, ඔහු (දෙසැ. 3) සිට දෙසැම්බර් 10 දක්වා ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ නේපාලයේ සංචාරය කිරීමට නියමිත බව ය.
අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ, තිරසර ආර්ථික වර්ධනය දියුණු කිරීම, දූෂණයට එරෙහිව සටන් කිරීම සහ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම යන අරමුණු ඉටු කර ගැනීම සඳහා සහකාර ලේකම්වරයා මෙරටට පැමිණෙන බව ය.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා එක්සත් ජනපද නියෝජිතායතනයේ ( USAID ) නියෝජ්‍ය සහකාර පරිපාලක අංජලී කෝර් සහ එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්රොත් සහකාර ලේක්ම් ඩොනල්ඩ් ලූ සමග ශ්‍රී ලංකා සංචාරයේ නිරතවීමට නියමිත ය.
දූත පිරිස මෙම සංචාරය ඔස්සේ නව රජය සමග සබඳතා ශක්තිමත් කර ගැනිමට බලාපොරොත්තු වන බව තානාපති කාර්යාලය පවසයි.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ නව පරිපාලන නිලධාරීන් සහ සිවිල් සමාජය නියෝජනය කරන නියෝජිතයන් සමග මෙම දූත පිරිස සාකච්ඡා කිරීමට නියමිත අතර මෙරට රාජ්‍ය පාලනය හා ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට තාත්ෂණික සහාය දීමත් මෙම සංචාරයේ අරමුණක් බව අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා සංචාරය නිම කිරීමෙන් පසුව ඩොනල්ඩ් ලූ නේපාලය බලා පිටත් වීමට නියමිත ය.