එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාව සහ මහජන සාමය තහවුරු කිරීමේ අරමුණින්, එරටට ඇතුළුවීමට අපේක්ෂා කරන සියලුම අයැදුම්කරුවන්ගේ පසුබිම් පරීක්ෂාවන් (Background Checks) දැඩි කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. මෙහි විශේෂත්වයක් වන්නේ, සංක්‍රමණික හෝ සංක්‍රමණ නොවන ඕනෑම වීසා වර්ගයක් සඳහා අයදුම් කරන පුද්ගලයින් තමන් භාවිත කරන සමාජ මාධ්‍ය ගිණුම් පිළිබඳ තොරතුරු (Social Media Identifiers) සැපයීම අනිවාර්ය කිරීමයි. අයැදුම්කරුවෙකු රටට තර්ජනයක් විය හැකිද යන්න තහවුරු කරගැනීමට මෙම දත්ත පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත.














