අමෙරිකා එක්සත් ජනපදයට බලපා ඇති අතිශය ප්‍රබල ශීත කුණාටුව හේතුවෙන් එරට නිවාස මිලියනයකට අධික සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සැතපුම් 2,300ක් තරම් දැවැන්ත ප්‍රදේශයක් පුරා විහිදී ඇති මෙම කුණාටුව නැගෙනහිර සහ දකුණු ප්‍රාන්තවලට දරුණු ලෙස බලපෑම් එල්ල කර තිබේ. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එක්සත් ජනපදය පුරා ගුවන් ගමන් 10,000කට අධික ප්‍රමාණයක් අවලංගු කිරීමට ද ගුවන් බලධාරීන්ට සිදුව ඇත.
මෙම ආන්තික කාලගුණික තත්ත්වය හේතුවෙන් අමෙරිකානුවන් මිලියන 200කට අධික පිරිසකගේ දෛනික කටයුතුවලට බාධා එල්ල විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ.
තත්ත්වය තවදුරටත් බැරෑරුම් වීම සැලකිල්ලට ගෙන, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රාන්ත කිහිපයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට අදාළ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ට පූර්ණ බලය පවරා ඇති බව ද වාර්තා වේ.














