• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

9 October 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2019 වසර සඳහා රජය ඉදිරිපත් කරන අයවැයේ විසර්ජන පනත් කෙටුම්පත අද (09) දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ නොවැම්බර් 5 වන දායි.

අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය දා අනුමත කරන ලද 2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4376 ක්.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අයවැය පරතරය රුපියල් බිලියන 644 ක් බවයි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.1 ක්.

ඒ අනුව මෙම වසරට සාපේක්ෂව ලබන වසරේ රාජ්‍ය වියදම රුපියල් බිලියන 394 කින් ඉහළ ගොස් තිබෙනවා.

2019 වසර සඳහා ණය සේවාකරණය වෙනුවෙන් රු. බිලියන 2,057 ක් වෙන්කර තිබේ. මෙය, ශ්‍රී ලංකා ඉතිහාසයේ රජයක් විසින් ණය ගෙවීම සඳහා දැරීමට සිදුවන විශාල මුදලකි. මෙම ණය අතරින් ලබන වසරේ දේශීය ණය වශයෙන් රු. බිලියන 1,271 ක් ගෙවිය යුතුවේ. විදේශීය ණය සේවාකරණය ලෙස රු. බිලියන 786 ක් ගෙවීමට තිබෙන අතර එය, ඇ.ඩො. මිලියන 4,650 කට සමාන මුදලකි. ඒ අනුව, අයවැය හිඟය පියවීම ඇතුළු ණය සේවාකරණයේ ද අවශ්‍යතාවය සඳහා 2019 වසරේදී රු. බිලියන 1,944 ක් දේශීය හා විදේශීය ණය වශයෙන් ලබාගැනීමට රජය අපේක්ෂා කරයි.

රාජ්‍ය අංශයේ සේවා වියදම් අතුරෙන් පුනරාවර්තන වියදම් සඳහා රු. බිලියන 1,456 ක්ද, ප්‍රාග්ධන වියදම් සඳහා රු. බිලියන 856 ක් ද වෙන්කර ඇත. ලක්ෂ 11 ක් පමණ රාජ්‍ය සේවකයන්ගේ සහ ලක්ෂ 06 ක් පමණ වන විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම ගෙවීම සඳහා පමණක් රු. බිලියන 1,000 ක් පමණ වැයවන අතර සමෘද්ධි, පාසල් නිල ඇඳුම්, නොමිලේ බෙහෙත්, වැඩිහිටි දීමනා, පොහොර සහනාධාර, පෝෂණ මල්ල, වකුගඩු රෝගීන් සඳහා වන දීමනා, විශේෂ හැකියාවන් ඇති අය වෙනුවෙන් ගෙවන දීමනා ඇතුළු සුභසාධන වියදම් සඳහා ලබන වසරට රු. බිලියන 220 ක් වෙන්කර තිබේ.

2019 අයවැය මඟින් ජනතාවට ඍජු ප්‍රතිලාභ අත්වන සේ මාර්ග සංවර්ධන, නිවාස සංවර්ධන, වාරිමාර්ග සංවර්ධන හා පානීය ජල යෝජනා ක්‍රම සංවර්ධන යන ක්ෂේත්‍ර ඇතුළු ක්ෂේත්‍ර රැසක විශාල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ප්‍රතිපාදන වෙන්කර තිබේ.

රට පුරා විමධ්‍යගත මට්ටමින් ග්‍රාමීය ආර්ථිකය නංවාලීම සඳහා දියත් කර ඇති ග්‍රාම ශක්ති, ගම්පෙරළිය,එක ගමකට එක් ව්‍යාපෘතියක් වැඩසටහන ඇතුළු ව්‍යාපෘති රැසක් සඳහාරු.බිලියන 63 ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

2019 අය-වැය මගින් ජනතාවට සෘජු ප්‍රතිලාභ අත්වන සේ මාර්ග සංවර්ධනය නිවාස සංවර්ධන,වාරිමාර්ග සංවර්ධන හා පානීය ජල යෝජනාක්‍රම සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර රැසක විශාල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා විසර්ජන පනතින් ප්‍රතිපාදන වෙන්කර ඇත.

2019 අය වැය මගින් අධිවේගී මාර්ග සංවර්ධන යටතේ දකුණු අධිවේගී මාර්ගය මත්තල දක්වා සංවර්ධනය කර අවසන් කිරීම හා කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය කඩවත සිට කෙරවළපිටිය දක්වා සංවර්ධනය කර අවසන් කිරීම සහ මධ්‍යම අධිවේගී මාර්ගය කඩවත සිට මීරිගම දක්වා ඉදිකිරීම ඇතුළුව පෑලියගොඩ සිට කොළඹ වරාය නගරය දක්වා කණු මත ඉදිවන වරාය පිවිසුම් මාර්ගය ඇතුළු මහාමාර්ග පරිමාණ ව්‍යාපෘති සඳහා රු. බිලියන 175 ක් වෙන්කර ඇත.

උමා ඔය, මොරගහකන්ද ව්‍යාපෘති සම්පූර්ණ කිරීම ඇතුළු මධ්‍යම පරිමාණයේ සහ මහා පරිමාණයේ වාරි ව්‍යාපෘති නිමකිරීම සඳහා රු. බිලියන 75 ක් වෙන්කර ඇත.

2019 අයවැය මඟින් රට පුරා විවිධ නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමට හඳුනාගෙන ඇත. ඒ අනුව, මහා නගර සංවර්ධන අමාත්‍යාංශය මගින් නාගරික පුනරුදය සඳහා වන නිවාස යෝජනා ක්‍රම, නිවාස අමාත්‍යාංශය මගින් සිදුකරනු ලබන නිවාස යෝජනා ක්‍රම, උතුරු නැගෙනහිර නිවාස යෝජනා ක්‍රම, වතුකරයේ නිවාස යෝජනා ක්‍රම ආදී විවිධ අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීම සඳහා වන ව්‍යාපෘති සඳහා අදාළ අමාත්‍යාංශ වලට 2019 වසරේදී රු. බිලියන 50 ක් වෙන්කර තිබේ. පෑලියගොඩ අලුත් පාලමේ සිට ලබන වසරේ ඉදිකිරීමට නියමිත සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය සඳහාද රු.බිලියන 05 ක් වෙන්කර ඇත.

යාපනය – කිළිනොච්චි ජල යෝජනා ක්‍රමය, කැළණි ගඟ දකුණු ඉවුර ජල යෝජනා ක්‍රමය, මාතලේ ජල යෝජනා ක්‍රමය ඇතුළු පානීය ජල යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රු. බිලියන 50 ක් වෙන්කර ඇත. මෙයට අමතරව, ක්‍රමෝපාය නගර සංවර්ධනය සඳහා දුම්රිය හා මහාමාර්ග ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහාද මුදල් වෙන්කර ඇත. 2019 විසර්ජන පනත් කෙටුම්පත අනුව මෙවරද වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයටයි. එය රු. බිලියන 306 කි. පළාත් සභාවලට ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් සඳහා රු. බිලියන 221 ක් වෙන්කර ඇත. එමෙන්ම, අධ්‍යාපන, සෞඛ්‍ය, පළාත් සභා හා පළාත් පාලන, මුදල්, ධීවර ,කෘෂිකර්ම, බස්නාහිර පළාත් හා මහා නගර අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ ගණනාවකට ගිය වසරට වඩා වැඩි මුදලක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන්කර ඇත.

2019 විසර්ජන පනත් කෙටුම්පත මෙම මස 09 වන දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර 2019 ට අදාළ අයවැය යෝජනාව නොවැම්බර් 05 වන දින ඉදිරිපත්කරනු ලැබේ.

 

Post Views: 2
Previous Post

සිෂෙල්ස් රාජ්‍යය ජනපතිව උණුසුම්ව පිළිගනි

Next Post

සන්ධ්‍යා සඳකිදුරිගේ විලාපය කියයි

editor

editor

Next Post

සන්ධ්‍යා සඳකිදුරිගේ විලාපය කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved