27 April 2024
#දේශීය

සිෂෙල්ස් රාජ්‍යය ජනපතිව උණුසුම්ව පිළිගනි

සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ මහතා විසින් සිදුකළ විශේෂ ආරාධනය පරිදි සීෂෙල්ස් හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ මහතා අතර නිල හමුව අද (08) පස්වරුවේ සිදු විය.

අද පස්වරුවේ සීෂෙල්ස් රාජ්‍ය මන්දිරය වෙත ගිය ජනාධිපතිවරයාව, සීෂෙල්ස් ජනාධිපතිවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

ආචාර වෙඩි මුර සහිත හමුදා උත්තමාචාර ද පිළිගන්වමින් ඉතා අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු විය.

ජනාධිපතිවරු දෙදෙනා අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

දෙරට අතර පවතින ද්වි පාර්ශ්වික සබදතා තවදුරටත් ශක්තිමත් කෙරෙන නව ගිවිසුම් දෙකකට ද රාජ්‍ය නායකයින් ඉදිරියේ අත්සන් තැබිණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *