2022 වසරේ ‘අරගලය’ සමයේදී ගිනිබත් වූ හිටපු අමාත්‍යවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ නිවාස සඳහා නීති විරෝධී ලෙස වන්දි ගෙවා ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවිණි.
එහිදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු වගඋත්තරකරුවන් පිරිසකට මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා නොතීසි නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. පරිසරවේදී නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.
මීට අමතරව හිටපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගැතැන්න සහ හිටපු අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග සහ ටිරාන් අලස් යන මහත්වරුන් වෙත ද මෙලෙස නොතීසි නිකුත් කෙරුණි. 2022 මැයි 09 වනදා විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඇති වූ කලබලකාරී තත්ත්වය තුළ විනාශ වූ දේශපාලනඥයින්ගේ නිවාස සඳහා මහජන මුදලින් අයුතු ලෙස වන්දි ලබා දී ඇති බවත්, එම මුදල් යළි අය කර ගැනීමට නියෝග කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියි.














