• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“අර්බුදයට ආවම තමයි අභියෝගවලට ඇස් ඇරෙන්නේ” – චතුරංග අබේසිංහ

3 March 2025
in දේශීය, පුවත්
“අර්බුදයට ආවම තමයි අභියෝගවලට ඇස් ඇරෙන්නේ” – චතුරංග අබේසිංහ
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

ඇතැම් අභියෝග සඳහා ඇස් ඇරෙන්නේ අර්බුදයන් පැමිණි අවස්ථාවල දී බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.

හෙතෙම මේ අදහස් පළ කළේ පසුගියදා පදනම් ආයතනයේදී පැවති අගය එකතු කළ පොල් ආශ්‍රිත නිශ්පාදන සිදුකරන කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් දියත් කළ “Value added Coconut SME Forum” වැඩසටහනට එක්වෙමින්.

අගය එකතු කරන ලද පොල් ආශ්‍රිත නිශ්පාදනයන් හි වැදගත්කම සහ ඒවා අපනයනය කිරීම තුළින් මෙරටට ලැබෙන ආදායම ගැන මෙන්ම ව්‍යවසායකයින්ගේ අදායම ඉහළ මට්ටමකට රැගෙන ආ හැකි අයුරු මෙම වැඩසටහනේදී පැහැදිළි කෙරුණා.

ඉදිරියේදී සෑම කර්මාන්තයකටම අදාළ ව්‍යවසායකයින් දිරි ගන්වමින් ඔවුන් ජාත්‍යන්තර සන්නාම අතරට එක් කරගැනීමේ සඳහා මෙවැනි වැඩසටහන් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,

“අපේ රටේ හොඳ දේවල් වෙලා නැත්තේ නෑ. මිනිස්සු උත්සාහ කරලා නැත්තෙත් නෑ. ඒකට අපිට ඇස් පනාපිට උදාහරණ තියෙනවා. පොල් සංවර්ධන මණ්ඩලය, පර්යේෂණ ආයතනය, සංවර්ධන අධිකාරිය මේ ගොල්ල වැඩ නොකර ඉඳලා නෑ. කර්මාන්ත අමාත්‍යාංශය, පෞද්ගලික අංශ මේ ඔක්කොම වැඩ කරලා නැත්තෙ නෑ. වැඩ කරලා තියෙනවා. හැබැයි මේවා එකිනෙකට සම්බන්ධ වෙලා තිබ්බේ නෑ.

ප්‍රශ්න විසඳන මූලික පියවර තමයි ප්‍රශ්නය හඳුනා ගැනීම. දෙවනුව අපි ඒ ගැටළුවට සම්බන්ධ සියළු පාර්ශවකරුවන් හදුනාගන්න ඕන. අපි දැන් කරන්නේ ඒක, මීට කලින් පොල් කර්මාන්තයට සම්බන්ධ සියලුම පාර්ශවකරුවන් එකට එකතු වෙලා තිබුණේ නෑ. අපි දැන් එක්කෙනා එක්කෙනා ගේනවා. පොල් කර්මාන්තයටට අදාළ පාර්ශවකරුවන් පළවෙනි වතාවට තමා එක තැනකට ආවේ. මම තව කර්මාන්තයකට කිව්වා, ඔය කර්මාන්ත වැහෙන්න යනකොට තමයි ඒ අය එකතු වෙන්නේ කියලා, සැපයුම්කරුවා, නිෂ්පාදකයා, අගය එකතු කරන්නා, අපනයනකරුවා හතර දෙනාටම තියෙන්නේ පෞද්ගලික අරමුණු, හතර දෙනා ගහගන්නවා. පස්සේ කර්මාන්තය වැහීගෙන එනකොට අමාත්‍යංශයට එනවා.

දැන් පොල් අර්බුදයට ආපු නිසා ඇස් ඇරිලා. අර්බුදයට ආවම තමයි අභියෝගවලට ඇස් ඇරෙන්නේ. නැත්නම් මම තමයි හොදටම කරන්නේ කියලා හිතාගෙන ඉන්නවා. ඉතිං අපි දැන් දැනුම මූලික කරගෙන සාමූහික වගකීමක් සහිතව මේ වැඩේ කරන්න ඕන. අපි පොල් සම්බන්ද විශය ප්‍රවීණයෝ නෙවයි, අපි කළමණාකරුවෝ, අපි කරන්නේ සහයෝගීතාව නිර්මාණය කිරීම, ගැටළුවලට මැදිහත්වීම සහ නිවැරදි තීරණ අරන් රටට හරි ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම.”

Post Views: 30
Previous Post

පුංචි ඡන්දය ගැන ඉඟියක් ?

Next Post

පුංචි ඡන්දයේ නාමයෝජනා සඳහා දින නියම වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
පුංචි ඡන්දය ගැන ඉඟියක් ?

පුංචි ඡන්දයේ නාමයෝජනා සඳහා දින නියම වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන්  ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන් ඉල්ලා අස්වෙයි

9 February 2026
Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

9 February 2026
8 ශ්‍රේණියේ සිසුවියකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු නානුඔයදී අත්අඩංගුවට

8 ශ්‍රේණියේ සිසුවියකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු නානුඔයදී අත්අඩංගුවට

9 February 2026
ලිබියානු වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික යාත්‍රාවක් පෙරළෙයි

ලිබියානු වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික යාත්‍රාවක් පෙරළෙයි

9 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන්  ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන් ඉල්ලා අස්වෙයි

9 February 2026
Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

9 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved