• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලුතෙන් ගෙයක් හදන්න බලාගෙනද ඉන්නේ ?

23 December 2025
in දේශීය, විශේෂාංග, වෙනත්
අලුතෙන් ගෙයක් හදන්න බලාගෙනද ඉන්නේ ?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එහෙම අලුතෙන් ගෙයක් හදන්න හිතන් ඉන්න කෙනෙක්නම් ඔයා මේ program එක බලන්නම ඕනේ.
නිවසක් අලුතෙන් හදනකොට හිතන්න දේවල් හුඟක් තියෙනවා.
ඒ අතරින් වැදගත්ම දෙයක් තමයි නිවාස සකස් කිරීමට පෙර ඔබ ඉදිකිරීමට සැලසුම් කරන නිවසේ සැලසුම එහෙමත් නැත්නම් plan එක අනුමත කරගැනීම.
අද අපි කතා කරන්නේ නිවාස සැලසුමක් අනුමත කරගන්නේ කොහොමද කියන එක ගැන.
පළමුව අදාළ පළාත් පාලන ආයතනයෙන් මේකට අනුමැතිය ගන්න වෙනවා.
ඒ කියන්නේ නගර සභා, ප්‍රාදේශීය සභා හෝ මහනගර සභා මගින් තමයි මේකට අනුමැතිය ගන්න ඕනේ.
ඒකට පියවර කිහිපයක් තිබෙනවා.
අපි ඒ පියවර මොනාද කියලා පිළිවෙලට පැහැදිලි කරනවා.
මුලින්ම කරන්න ඕනේ මේ සඳහා අදාළ ලේඛන සකස් කිරීම.
මුලින්ම තියෙන්නේ ඉඩමේ ඔප්පුව.
ඒ කියන්නේ ඔබ නිවස ඉදිකරන ඉඩමේ නිරවුල් ඔප්පුවක් තිබීම අනිවාර්ය දෙයක්.
ඒවගේම තමයි ඉඩමේ මිනුම් සිතියම, බලපත්‍රලත් මිනින්දෝරුවරයෙකු විසින් සකස් කළ සහතික කරන ලද සිතියමක් වෙන්න ඕනේ.
ඊට පස්සේ අපිට ඕනේ කරන ලියවිල්ලක් තමයි නිවාස සැලසුම.
මේ දේවල් තියෙනවනම් ඊට පස්සේ අපිට පුළුවන් පළාත් පාලන ආයතනයට අයදුම් කරන්න.
ඔබේ නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා, විශේෂයෙන්ම සැලසුම් සඳහා අවම වශයෙන් සැලසුම් පිටපත් 5ක්වත් ඉදිරිපත් කිරන්න සිදු වෙනවා.
සැලසුම් අනුමත කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට.
ඔබ අයදුම්පත්‍රය ඉදිරිපත් කළාට පස්සේ අදාළ බලධාරීන් ඔබේ ඉදිකිරීම් සැලසුම පරීක්ෂා කරනවා.
පළාත් පාලන ආයතනයේ ඉංජිනේරුවරයා හෝ සැලසුම් කමිටුව තමයි මේ සැළසුම පරික්ෂා කරන්නේ.
එම සැලසුම්, පවතින නාගරික සංවර්ධන අධිකාරි රෙගුලාසි සහ අනෙකුත් නීති රීතිවලට අනුකූලද කියන එක ගැන මේ බලධාරීන් තීරණය කරනවා.
සියල්ල නිවැරදිව පවතිනවා නම්, ඔබේ ඉදිකිරීම් සඳහා අනුමැතිය ලබා දීම සිදු කරනවා.
මේ අනුමැතිය ලබා ගන්න සාමාන්‍යයෙන් සති කිහිපයක් හෝ මාසයක් පමණ ගත වෙන්න පුළුවන්.
ඉදිකිරීම් අවසන් කළාට පස්සේ ඔබට නැවතත් අදාළ පළාත් පාලන ආයතනයට අයදුම් කර බදු සහතිකයක් ලබාගන්න ඕනේ.
මෙමගින් නිවස ඉදිකර ඇත්තේ අනුමත සැලසුම්වලට අනුව බව තහවුරු කෙරෙනවා.
බදු සහතිකයක් නොමැති නිවසක් අලෙවි කිරීමේදී හෝ බැංකු ණයක් ලබාගැනීමේදී ගැටලු ඇතිවෙන්න පුළුවන්.
අනුමැතියකින් තොරව නිවසක් ඉදිකිරීම නීති විරෝධී ක්‍රියාවක්.
එවැනි ඉදිකිරීමක් හඳුනාගත්විට, එය නතර කිරීමට හෝ කඩා ඉවත් කිරීමට නියෝග කරන්න පුළුවන්.
ඉඩමක මායිම්වල සිට නිවස ඉදිකළ යුතු අවම දුර ප්‍රමාණය නීතියෙන් නියම කරලා තියෙනවා.
මේක නොසලකා ඉදිකිරීම් සිදු කිරීම නීති විරෝධී වෙනවා.
ඉදිකිරීම්වලදී පරිසරයට හානි නොවන ලෙස කටයුතු කිරීමටත් වගබලා ගන්න ඕනේ.
අපජලය නිසි ලෙස කළමනාකරණය කිරීමටත් නීති පවතිනවා.
නිවාස ඉදිකිරීමක් ආරම්භ කිරීමට පෙර, පළාත් පාලන ආයතනයේ සැලසුම් අංශයේ නිලධාරීන්ගෙන් විමසා නිවැරදි තොරතුරු සහ අවශ්‍ය පෝරම ලබාගැනීම වඩාත් සුදුසුයි.
ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි නිවසක් හදන්න බලාගෙන ඉන්නවනම් ඒකට අදාළ සැළසුම අනුමත කරගන්න ඕනේ.
මේ පියවර අනුගමනය කලොත් ඔයාට ඔයාගේ සිහින නිවහන ඉතාමත් පහසුවෙන් ඉදි කරගන්න පුළුවන්.
Post Views: 1
Previous Post

ආර්ථික අපහසුතා ඇති පවුල්වල දරුවන්ට සහනයක්

Next Post

කෝල් ඔෆ් ඩියුටි නිර්මාතෘ මිය යයි

Editor TTV News

Editor TTV News

Next Post
කෝල් ඔෆ් ඩියුටි නිර්මාතෘ මිය යයි

කෝල් ඔෆ් ඩියුටි නිර්මාතෘ මිය යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෝල් ඔෆ් ඩියුටි නිර්මාතෘ මිය යයි

කෝල් ඔෆ් ඩියුටි නිර්මාතෘ මිය යයි

23 December 2025
අලුතෙන් ගෙයක් හදන්න බලාගෙනද ඉන්නේ ?

අලුතෙන් ගෙයක් හදන්න බලාගෙනද ඉන්නේ ?

23 December 2025
ආර්ථික අපහසුතා ඇති පවුල්වල දරුවන්ට සහනයක්

ආර්ථික අපහසුතා ඇති පවුල්වල දරුවන්ට සහනයක්

23 December 2025
රෝගීන් පිරිසක් රැගත් ගුවන් යානයක් කඩා වැටේ

රෝගීන් පිරිසක් රැගත් ගුවන් යානයක් කඩා වැටේ

23 December 2025

Recent News

කෝල් ඔෆ් ඩියුටි නිර්මාතෘ මිය යයි

කෝල් ඔෆ් ඩියුටි නිර්මාතෘ මිය යයි

23 December 2025
අලුතෙන් ගෙයක් හදන්න බලාගෙනද ඉන්නේ ?

අලුතෙන් ගෙයක් හදන්න බලාගෙනද ඉන්නේ ?

23 December 2025
ආර්ථික අපහසුතා ඇති පවුල්වල දරුවන්ට සහනයක්

ආර්ථික අපහසුතා ඇති පවුල්වල දරුවන්ට සහනයක්

23 December 2025
රෝගීන් පිරිසක් රැගත් ගුවන් යානයක් කඩා වැටේ

රෝගීන් පිරිසක් රැගත් ගුවන් යානයක් කඩා වැටේ

23 December 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කෝල් ඔෆ් ඩියුටි නිර්මාතෘ මිය යයි

කෝල් ඔෆ් ඩියුටි නිර්මාතෘ මිය යයි

23 December 2025
අලුතෙන් ගෙයක් හදන්න බලාගෙනද ඉන්නේ ?

අලුතෙන් ගෙයක් හදන්න බලාගෙනද ඉන්නේ ?

23 December 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved