කිලිනොච්චිය, කරඩිබොක්කුව ප්රදේශයේදී ඊයේ (04) පස්වරුවේ පිරිමි දරුවෙකු ඇලට වැටී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ මිය ගිය දරුවා වයස අවුරුදු 1 හමාරක පිරිමි දරුවෙකු බවයි.
ඔහු නිවස අසල තිබු ඇලකට වැටී මෙලෙස මිය ගොස් ඇති අතර මෘත ශරීරය කිලිනොච්චිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත. කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.