27 April 2024
#දේශීය

මාතලේ පරිසර දිනය සැමරේ

ජගත් පරිසර දිනයට සමගාමිව මාතලේ දිස්ත්‍රික් සැමරුම් උත්සවයක් ඊයේ(05)රත්තොට දන්කන්ද නකල්ස් හරිත උයන පරිශ්‍රයේදි පැවැත්විණි.

මාතලේ දිස්ත්‍රික් සිවිල් සංවිධාන සම්මේලනය විසින් මෙම උත්සවය සංවිධානය කළ අතර මෙහිදි කුඹූක්.නා,කරද,ඇටඹ,සියඹලා,ඇතුලු ශාක රෝපණය කළ අතර මෙම අවස්ථාවන් සදහා පරිසර සංවිධානවල නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

මෙහිදි අදහස් දැක්වු පරිසරවේදි ගාමිණී ජයතිස්ස මහතා කියා සිටියේ මෙම නකල්ස් හරිත උයන ආශ්‍රිතව ලංකාවට ආවේණ වු පන් වර්ග සංරක්ෂණ උද්‍යෘනයක් සහ නකල්ස් කලාපයට ආවේණීකව වු ඕකිඩ් වර්ග 60ක් සංරක්ෂනය සිදු කර ඕකිඩ් උද්‍යානයක් බවට පත් කිරිමට අදාළ ආයතන සමග සැලසුම් කර ඇති බවද පැවසිය.

පරිසර අමාත්‍යංශය, වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව,රාජ්‍ය වැවිලි සංස්ථාව,රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුලු රාජ්‍ය ආයතන මේ සදහා එක්වි සිටයහ.

මාතලේ දිස්ත්‍රික් සිවිල් සංවිධාන සම්මේලනයේ සභාපති/පරිසරවේදි ගාමිණි ජයතිස්ස, ලේකම් උපුලි විජේකොන් යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *