6 ශ්‍රේණියේ පෙළපොත් සම්බන්ධයෙන් විපක්ෂය නගන චෝදනාවලට පිළිතුරු දෙමින් කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් කළේය.
ඒ අනුව, වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස ඇමතිවරුන් ලෙස කටයුතු කළ යහපාලන රජය සමයේ, එනම් 2015 දී මුද්‍රණය කළ 11 වසරේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) පෙළපොතේ 77 වැනි පිටුවේද අදාළ අසභ්‍ය වෙබ් අඩවියේ නම සඳහන්ව තිබූ බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම අසභ්‍ය වෙබ් අඩවි නාමය සහිත පෙළපොත වසර නවයක් පුරා නව වතාවක් යළි මුද්‍රණය කර ඇති බවත්, එදා ඇමතිවරුන් ලෙස සිටි වත්මන් විපක්ෂ ප්‍රධානීන් එය නොදැක්කේ දැයි ඔහු ප්‍රශ්න කළේය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව විපක්ෂය ගෙන යන ප්‍රචාරයන් හුදෙක් දේශපාලන අරමුණින් සිදු කරන්නක් බව පැවසූ නියෝජ්‍ය ඇමතිවරයා, එදා “උලපනේ හාමුදුරුවෝ” වැනි අය මේවා නොදැක්කේ දැයි උසුළු විසුළු කරමින් විමසා සිටියේය.
වත්මන් රජය මෙම දෝෂ නිවැරදි කිරීමට පියවර ගනිමින් සිටියදී විපක්ෂය පටු දේශපාලන වාසි තකා ජනතාව නොමග යවන බවටද ඔහු චෝදනා කළේය.














