වත්මන් රජය බලයට පත්වීමෙන් පසු “අස්වැසුම” සුභසාධන ප්‍රතිලාභ සඳහා අයදුම්පත් කැඳවූ අවස්ථාවේදී අයදුම්පත් ලක්ෂ අටක් පමණ ලැබී ඇති බවත්, ඉන් දෙලක්ෂ අසූහත් දහසක් දෙවන වටය යටතේ සුදුසුකම් ලබා ඇති බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මන්ත්‍රී සුරංග රත්නායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට මෙරට සමස්ත අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව දහසය ලක්ෂ පනස් හත්දහස් හයසිය විසි එකක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
සුභසාධක මණ්ඩලයේ අනුමැතිය හිමිවූ සියලු දෙනාට මේ වන විටත් ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කර ඇති බවත්, ප්‍රතිලාභ ඉල්ලා සිටි පිරිස අතරින් තවමත් තෝරා නොගත් පිරිසක් සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී පිළිගත්තේය. එම පිරිස සුදුසුකම් පරීක්ෂා කිරීමේ තේරීම් ක්‍රියාවලියට මේ දිනවල භාජනය වෙමින් පවතින බව ද ඔහු පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.














