පකිස්ථාන වෙරළ තීරයේ සිට කිලෝමීටර් 1,500ක් පමණ (නාවික සැතපුම් 800ක්) ඈතින් වූ ගැඹුරු මුහුදේදී අසාධ්‍ය තත්ත්වයට පත් වූ ශ්‍රී ලාංකික නාවිකයකු බේරාගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට පකිස්ථාන නාවික හමුදාව සමත් වී තිබේ.
ඉන්දුනීසියානු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ ‘Grey Palm’ නැමති වෙළඳ නෞකාවේ සේවය කළ මෙම ශ්‍රී ලාංකිකයාට හදිසි වෛද්‍ය ආධාර අවශ්‍ය බවට ශ්‍රී ලංකා සමුද්‍රීය මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) කළ ඉල්ලීමකට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය.
පකිස්ථාන නාවික හමුදාවට අයත් ‘Tabuk’ සහ ‘Moawin’ යන නෞකා වහාම එම ස්ථානයට පිටත් කර යවා ඇති අතර, අදාළ රෝගියා සහ ඔහුට සහාය වූ තවත් පුද්ගලයකු නාවික හමුදා භාරයට ගෙන නෞකාව තුළදීම මූලික ප්‍රතිකාර ලබා දී ඇත.
පකිස්ථාන නාවික හමුදාව දැක්වූ මෙම කඩිනම් සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකා බලධාරීන් සහ අදාළ නාවිකයාගේ පවුලේ සාමාජිකයන් සිය ස්තූතිය පිරිනමා තිබේ.















