ආණ්ඩුවේ සංවර්ධන සහ සුබසාධන ව්‍යාපෘති හරහා දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමට එරෙහිව පැෆ්රල් සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට (SCFR/ 139/24) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරන ලදි.
පැෆ්රල් සංවිධානය මෙම පෙත්සම මගින් ඉල්ලා සිටින්නේ පළාත් පාලන මැතිවරණය ක්‍රියාත්මකව තිබිය දී මෙන්ම ජනාධිපතිවරණය ඉදිරි මාස 4 තුළ පවත්වන බව දැන දැනම ආණ්ඩුවේ විවිධ චක්‍රලේඛ හරහා රාජ්‍ය බලය, රාජ්‍ය දේපළ සහ රාජ්‍ය මුදල් භාවිත කරමින් සංවර්ධන ව්‍යාපෘති හා සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හරහා දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයට කටයුතු කිරීමට එරෙහිව, විශේෂයෙන්ම ජනාධිපති ලේකම්වරයාගේ 2024 අප්‍රේල් මස 29 වන දින PS/SB/Circular/5/2024 අංක දරන චක්‍රලේඛයට අනුව පළාත් පාලන බලප්‍රදේශ සඳහා ප්‍රජා උපදේශන කමිටු පත්කිරීම මගින් ආණ්ඩුවේ ප්‍රාදේශීය මට්ටමේ නියෝජිතයින් ඊට සම්බන්ධ කර ගැනීමට දරන උත්සාහය වැළැක්වීම සඳහා බවයි.
රටේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව හෝ එමෙන්ම ජනතාව ආර්ථික පීඩාවෙන් සිටින මොහොතක සුබ සාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව පැෆ්රල් සංවිධානයට කිසිදු විරෝධයක් නොමැති අතර මෙහිදී අප අවධාරණය කරනු ලබන්නේ එම ව්‍යාපෘති මගින් කිසියම් දේශපාලන පක්ෂයක් හෝ පක්ෂ අපේක්ෂකයෙක් හෝ අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයට කටයුතු කිරීමෙන් වළකින ලෙසත් ය.