රජය දිගින් දිගටම භාණ්ඩාගාර බිල්පත් මගින් ණය ගනිමින් සිටින අතර, පිළිගත් සල්ලි අච්චු ගැසීමේ යාන්ත්‍රණයක් භාවිත කරමින් ‘සල්ලි අච්චු ගැසීම‘ ආරම්භ කර ඇති බව මාතලේ දිස්ත්‍රික්ක සමගි ජනබලවේගයේ නායිකා රෝහිණී කවිරත්න පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඇය මේ බව සඳහන් කරයි.
‘ආණ්ඩුව සල්ලි අච්චු ගහනවා – ණය ගන්නවා. කබ්රාල් – ගෝඨාභය යුගය අපිට නැවත මතක් වෙනවා.‘
කෙටි කාලීන මුදල් සම්පාදනය යාන්ත්‍රණය ලෙස ක්‍රියත්මක වාර වෙන්දේසිය (Term auction) හා එක්රැය වෙන්දේසිය (overnight auction) හරහා මහ බැංකුව මුදල් මවමින් සිටිනවා.
ශ්‍රි ලංකා මහ බැංකුව 2024 ඔක්තෝබර් 25 (සිකුරාදා) දින රු. බිලියන 36.16 ක මුදලක්, වෙන්දේසියක් හරහා (overnight auction) රටේ මුදල් පද්ධතියට පොම්ප කර තියෙනවා. එහි සරළ ව්‍යවහාරික අර්ථය, ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 36.16 ක් එමගින් අච්චු ගසා ඇති බවයි.
පසුගිය සතියේ දින 7 තුල මහ බැංකුව වාර වෙන්දේසි මගින් (Term auction) මගින් අච්චු ගසා ඇති මුදල රු. බිලියන 70 කි.
2024 ඔක්තෝබර් 25 දින වන විට, මහ බැංකුවේ ස්ථාවර පහසුකම්වල තැම්පත් කර ඇති අතිරික්ත ද්‍රවශීලතාව (excess liquidity deposited in the central bank’s standing facility) රු. බිලියන 193.4 කි. මසකට පෙර, එම අතිරික්ත ද්‍රවශීලතාව රු. බිලියන 138 ක් ලෙස පැවතුණි. ඒ අනුව මසක් තුල අතිරික්ත ද්‍රවශීලතාව (excess liquidity) රු. බිලියන 55.4 කින් ඉහළ ගොස් තියෙනවා.
අද (ඔක්. 28) දිනයේ දී රජය භාණ්ඩාගාර බිල්පත් හරහා තවත් රු. කෝටි 14,500 ක් හෙවත් රු. මිලියන 145,000 ක ණයක් ලබා ගැනීමට මහ බැංකුව කටයුතු කරනවා.
රටේ උද්ධමනය පාලනය වෙන්නටත්, ආර්ථික ස්ථාවරත්වය ඇති වන්නටත් සල්ලි අච්චු ගැසීම පාලනය විය යුතුයි. නමුත්, ඉතා පැහැදිලිවම රෙට් ආර්ථිකය අඳුරු වැරදි මාවතකට ඇතුළු වන බව පෙනෙන්නට තියෙනවා