රටේ ආරක්ෂාව සම්බන්ධව නිල හා නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය මඟීන් කෙටි පණිවිඩ සේවාව අද (13) දින ආරම්භ කෙරුණේ ආරක්ක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙනි.
එමගින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයය වන ආරක්ෂාව සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු වල නිර්වද්‍යතාවය තහවුරු කිරීම සඳහා මෙම SMS සේවාවේ මුළික අරමුණ බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. එසේම සේවාදායකත්වය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය මත ලංකාවේ දුරකතන සේවා පහසුකම් සපයන ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග් අසියාටා පි.එල්.සී, මොබිටෙල් ප්‍රයවට් ලිමිටට්, හව්සන් ටෙලිකොමිනිකේෂන්, එටිසලාට්, භාරති ඒයාර්ටෙල් හා ලංකාබෙල් යන ආයතන විසින් බව ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් පැවසිය.