27 April 2024
#දේශීය

ගෝඨා දිනනවා .. සජිත් පරදිනවා – බැසිල් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ලබා ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා අද (13) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී රාජපක්ෂ මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 10 ක ප්‍රතිශතයකින් ජනාධිපතිවරණය ජයගන්නා බවයි.

මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරණයක අඩුම ප්‍රතිශතයක් ලබා ගන්නා දෙවන අපේක්ෂකයෙක් බවට සජිත් ප්‍රේමදාස මහතා පත්වෙන බව බැසිල් රාජපක්ෂ මහතා පැවසිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *