• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමකින් තොරව මත්පැන් අලෙවි කිරීම තහනම්

30 July 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරටට ආනයනය කරනු ලබන සියලු මත්පැන් වර්ග සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අලුතෙන් හඳුන්වා දී ඇති ආරක්ෂක ස්ටිකරයක් ඇලවීමකින් තොරව විකිණීම තහනම් කර ඇති බව සුරාබදු කොමසාරිස් කාර්යාලය පවසයි. ඒ අනුව මින් මතුවට මෙම ස්ටිකර් අලවා නොමැති විදේශ මත්පැන් සන්තකයේ තබාගැනීම, ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම හා විකිණීම සපුරා තහනම් කෙරේ.

මෙම විධිවිධාන අංක 2128/30 හා 2019 ජූනි මස 20 වන දින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සුරාබදු ආඥා පනත යටතේ නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ වූ පරිදි සුරාබදු නිවේදන අංක 4/2019 ජූලි මස 20 වන දින සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව, ප්‍රථම අදියර යටතේ ආනයනික විදේශ මත්පැන් සඳහා මෙම නීතිය දැනට (ජූලි 20 සිට) ක්‍රියාත්මක කර ඇති අතර, දේශීයව නිෂ්පාදිත විදේශ මත්පැන් හා දේශීය මත්පැන්ද ස්ටිකර් සහිතව අලෙවි කළ යුතු යැයි යන නීතිය ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ලැබේ.

මෙරටට විදේශීය මත්පැන් ආනයනය කරනු ලබන ආයතන 23ක් ඇත. ඔවුන් තම ආයතනය විසින් ආනයනය කරනු ලබන සියලු මත්පැන් බෝතල් සහ කෑන් අලෙවි කිරීමට පෙර සුරාබදු දෙපාර්තමේන්තුව මුද්‍රණය කර ඇති මෙම ආරක්ෂිත ස්ටිකරය ඇලවීමකින් තොරව මින් මතුවට වෙළෙඳපොළට නිකුත් කිරීම තහනම් ය.

මෙරට ගුවන් තොටුපලෙහි ක්‍රියාත්මක බදු රහිත සාප්පු සංකීර්ණ වලට විදේශ මත්පැන් ආනයනය කරනු ලබන ආයතන දෙකක් ඇති අතර ඔවුන් විසින් ආනයනය කරන ලද මත්පැන් මත සුරාබදු දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා රේගුවේ අධීක්ෂණය යටතේ අදාළ මත්පැන් තොගය රේගු බන්ධිත ගුදමෙන් බදු රහිත සාප්පු සංකීරණ වලට මුදා හැරීමට පෙරාතුව ස්ටිකර් ඇලවීම සිදු කෙරේ.

ආනයනය කරනු ලබන විදේශ මත්පැන් පොදුවේ ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපලේ පිහිටි තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ අලෙවි කරනු ලැබේ. ඒ අනුව, මින් මතුවට එම සාප්පු සංකීර්ණ වල සුරාබද්දට යටත් වන මත්පැන් කිසිවක් ස්ටිකර් ඇලවීමකින් තොරව සන්තකයේ තබා ගැනීම, ගබඩා කිරීම හා විකිණීම තහනම් කෙරේ.

මෙම නව නීතිය මගින් නීති විරෝධී ආකාරයට විදේශ මත්පැන් රට තුළට ගෙන ඒම මෙන්ම ප්‍රමිතියෙන් තොර හා ව්‍යාජ මත්පැන් පාරිභෝගිකයා අතට පත්වීමද වැළැක්විය හැකිය.

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාර 23 ක් ඇති අතර, ස්ප්‍රීතු ස්කාගාර 14 ක් තිබේ. එමෙන්ම, විවිධ මාදිලියේ මත්පැන් බලපත්‍ර ලාභී අලෙවිසැල් 4000 කට වැඩි ප්‍රමාණයක් දිවයින පුරා විසිරී ඇත. මෙම නව ක්‍රමවේදය හඳුන්වා දීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම තවදුරටත් වැඩිකර ගැනීමට හැකිවන අතර සෞබ්‍ය ආරක්ෂිතව අනුමත ක්‍රමවේදයන් යටතේ නිෂ්පාදනය කරනු ලබන ප්‍රමිතියෙන් යුත් මත්පැන් පාරිභෝගික ජනතාවට ලබාදීම මෙමගින් තහවුරු කෙරේ.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති මත්පැන් මත අලවන ස්ටිකරයේ සත්‍යතාවය පාරිභෝගික ජනතාවට පහසුවෙන් හඳුනාගත හැකිවන පරිදි ජංගම දුරකථන සඳහා වන යෙදවුමක් (APP) එකක් ඉදිරියේදී සුරාබදු දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දීමට නියමිතය. මෙම ස්ටිකර් වර්ගය ආරක්ෂිත උපාය මාර්ගයන් යටතේ විදේශ සමාගමක මුද්‍රණය කර මෙරටට ආනයනය කරනු ලැබ ඇත. කලින් කල මෙම ස්ටිකර්වල ආකෘතිය හා ස්වභාවය සම්බන්ධයෙන් යම් සංශෝධනයන් කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව කටයුතු කිරීම සඳහා මහා භාණ්ඩාගාරය, සුරාබදු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා රේගුවේ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් පත්කර ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුව මෙම නව ක්‍රමවේදය ආනයනික මත්පැන් වලට මෙන්ම දේශීය මත්පැන් වලටද හඳුන්වා දීමෙන් පසුව එම දෙපාර්තමේන්තුවේ ආදායම් තත්ත්වය තවදුරටත් වැඩිකර ගැනීමට අපේක්ෂා කෙරේ. 2016 වසරේ රු. බි. 120 ක්ව පැවැති සුරාබදු ආදායම 2019 වසරේ දී රු.බි. 130 ක් වනු ඇතැයි ඉලක්ක කර තිබේ. මේ වන විට 2019 දී ආදායම රු.බි. 66 ඉක්මවා ගොස් ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජී. සුමනසිංහ මහතා පවසයි.

Post Views: 1
Previous Post

ජනපති හමු වු බුද්ධදාස අපට කියු දේ….!

Next Post

රටේ අධ්‍යාපනය වෙනස් කරන්න ඔ‌බේ අදහස් කියන්න

editor

editor

Next Post

රටේ අධ්‍යාපනය වෙනස් කරන්න ඔ‌බේ අදහස් කියන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved