27 April 2024
#දේශීය

ජනපති හමු වු බුද්ධදාස අපට කියු දේ….!

ශ්‍රී ලංකා සුරුකිමේ සංවිධානය විසින් අද (30) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වු බව හිටපු කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පවසයි.

ජී.එච්. බුද්ධදාස මහතා TTVnews.lk වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමාට ඇතුළු පිරිසට ජනාධිපතිවරයා සහ පක්ෂ මහ ලේකම්වරයා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඉදිරියටත් කටයුතු කිරීමට සහාය ලබා දෙන ලෙසයි.

එසේම ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අප හට ලබා දිය යුතුව ඇති හා අවශ්‍ය වන දේ ලබා දීමට කැමැත්ත පල කළ බව බුද්ධදාස මහතා කියා සිටියේය.

බුද්ධදාස මහතා අප වෙත පැවසුවේ මේ වන විටත් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයකට සුදානමක් නොමැති බවයි. එමෙන්ම ඉදිරියේදී ‌බොහෝ විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයට තරඟ කිරීමට කිසිදු සුදානමක් නොමැතිව තමාට වැටහනෙ බව බුද්ධදාස මහතා කියා සිටියේය. ඉදිරියටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකිමේ සංවිධානය වශයෙන් කටයුතු කරන බව ද ජී.එච්. බුද්ධදාස මහතා  වැඩිදුරටත් අප වෙත කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *