ශ්‍රී ලාංකීය ආර්ථික දුෂ්කරතා ඇති ජනතාවට බෙදාදීමට ඉන්දීය ව්‍යාපාරිකයෙක් නොමිලයේ යොමුකළ සහල් මෙට්‍රික්ටොන් 130 ක් හෙවත් කිලෝග්‍රෑම් 130,000 ක කන්ටේනර් 5 ක් මාස තුනකට අධික කාලයක් කොළඹ වරායේ රඳවා ගෙන සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ සභාපති රුවන් අසුරමුණි පැවසීය.
කීරි පොන්නි සම්බා මෙම සහල් තොගය අදාල ව්‍යාපාරිකයා නැව් ගාස්තු ද දරා මෙරටට යොමු කළ බවත් එම සහල් කිලෝවකට රුපියල් 65 බැගින් තීරු බදු ගෙවිය යුතු යැයි වෙළෙඳ අමාත්‍යංශය දැනුම්දී ඇති බවත් රුවන් අසුරමුණි කීය.
කොළඹ වරායේ රදවාගෙන තිබෙන නොමිලයේ ලැබුණු මෙම සහල් කිලෝග්‍රෑම් 130,000 ක ප්‍රමාණය විනාශවීමේ අවදානමකට ලක්ව තිබියදී ආණ්ඩුව ජනතාවට සහන දෙන්නේ යැයි අයවැය හරහා ප්‍රකාශ කරන බව කී රුවන් අසුරමුණි, නොමිලයේ ලැබෙන්නේ නම් සහල් කන්ටේනර් 200 කට හෝ අනුමැතිය ලබාදිය හැකි යැයි පවසා වර්තමාන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙක් තමන් නොමඟ යැවූ බව ද සඳහන් කළේය
මෙම සහල් තොගයෙක් කොටසක් මෙරට ප්‍රධානම ආගමික නායකයෙක් ද ජනතාවට පරිත්‍යාග කිරීමට ඉල්ලීමක් ද කර තිබූ බවත් ජනතාවට සහන දීමට අවශ්‍ය නම් ආණ්ඩුව කළ යුත්තේ මෙවැනි පරිත්‍යාගවලින් තීරු බදු නිදහස් කිරීම බවත් ඔහු පැවසීය.
මෙම සහල් තොගය පිළිබඳව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ චන්දන පුංචිහේවා ගෙන් කළ විමසුමකදී පැවසුවේ එම සහල් තොගය පිළිබඳව දැනුවත්ව නොමැති බවත් ඒ පිළිබඳව සොයාබලා ප්‍රකාශයක් නිකුත් කරන බවත්ය.
(lankadeepa | යොහාන් භාසුර)













