බංග්ලාදේශයේ ධකා නගර ආසන්නයේ පිහිටි ඇඟලුම් කම්හලක සහ ඒ අසල තිබූ රසායනික ගබඩාවක ඊයේ (14) හටගත් ගින්නකින් පුද්ගලයන් 16 දෙනෙක් මියගොස් තිබෙනවා.
තවත් අය කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරීහු පවසති.
ගින්න හටගත් හේතුව මෙතෙක් තහවුරු වී නොමැති අතර, ගිනි නිවිමේ භටයන් පවසන්නේ මළ සිරුරු බොහොමයක් ඇඟලුම් කම්හලේ දෙවන සහ තෙවන මහල්වලින් සොයාගත් බවයි.
තවත් අයෙකුගේ සිරුරු සෙවීමට මෙහෙයුම් තවමත් සිදුවෙමින් පවතින බව ද එම අංශය සඳහන් කරයි.
ගින්න හටගත්තේ සිව් මහල් ගොඩනැගිල්ලක පිහිටි ඇඟලුම් කම්හලක බවත්, එය ඉක්මනින් අසල තිබූ රසායනික ද්‍රව්‍ය ගබඩාවකට පැතිර ගියේ බවත් වාර්තා වේ. පැය තුනක පමණ කාලයක් ගත් මෙහෙයුමකින් පසු ගින්න පාලනය කිරීමට සමත් වූ බව ගිනි සේවය තහවුරු කර ඇත.